ආණ්ඩුවේ තවත් සීනි බිස්නස් එකක් !

ආණ්ඩුවේ තවත් සීනි බිස්නස් එකක් !

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර  සඳහන් කරන්නේ, සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බවය.

මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවත් ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව ද ඔහු ප්‍රකාශ කළේය.

 කෙසේ වුවත් කුප්‍රකට සීනි බදු වංචාව හරහා වත්මන් ආණ්ඩුව රාජ්‍ය ආදායමට සිදුකළ පාඩුව රුපියල් බිලියන 10 ට අධිකය. ඒ තුළ මේ වන විට එක් සමාගමක් කේන්ද්‍ර කරගත් සීනි ඒකාධිකාරයක් ගොඩනැගී ඇත. මේ සම්බන්ධව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් පවසන්නේ මොන මොනවා හෝ කියමින් ආණ්ඩුව බිස්නස් කරමින් සිටින බවත්, ඒ තුළ රටේ ආර්ථිකය ගැන කියන කතා සීරියස් නොගතයුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න