රෝහිත භාෂණ සමඟ : මතක මිය ඇදෙන සඳ  ගැන අද කෙරෙන සූම් කතාබහකට ආරාධනා !

රෝහිත භාෂණ සමඟ : මතක මිය ඇදෙන සඳ  ගැන අද කෙරෙන සූම් කතාබහකට ආරාධනා !

පනස්අටේ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් සිය පවුලේ ජීවිත ආරක්ෂාව සදහා පිටුවහලේ ජීවත් වීමට බල කෙරුනු සමාජ ක්‍රියාධර දෙමළ ලේඛකයකු විසින් රචිත ජාත්‍යන්තර සම්මානලාභී නවකතාවක සිංහල පරිවර්තනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කතා‌ බහක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

අම්බලවානර් සිවානන්දන් විසින් ඉංග්‍රීසි බසින් රචිත “When Memory Dies” කෘතිය හෂිත අබේවර්ධන විසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ”මතක මිය ඇදෙන සඳ” ලෙසිනි.

මෙයට පෙර බා ජින් ගේ “Autumn in Spring” නැමැති අභියෝගාත්මක නවකතා සිඟිත්ත ”පත් සිඳුනු වසන්තය” වශයෙන් සිංහලයට පරිවර්තනය කලේද හෂිත අබේවර්ධන විසිනි.

මතක මිය ඇදෙන සඳ කෘතිය පිළිබදව පෙබරවාරි 17 බදාදා රාත්‍රී 9 ට සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ JDS කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන විසිනි.

"අහස පොත් " මුහුණු පොත හරහාද එම කතා බහ සජීවීව විකාශණය වේ.

එම මුහුණු පොත හරහා හෝ පහත දැක්වෙන යොමුව ඔස්සේ ඔබටත් එම සංවාදය සමග සම්බන්ධ විය හැකිය.

ZOOM ID - 8503155015

PASSCODE - chem123

සිය පවුලේ ජීවිත ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයේ දශක ගණනාවක් ජීවත්වුවද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බූදය සහ දෙමළ ජනතාවට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ අම්බලවානර් සිවානන්දන් නම් රැඩිකල් චින්තකයා සහ ලේබකයා පිළිබඳ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැත.සිවානන්දන් ගේ භාෂා මාධ්‍යය ඉංගිරිසි වීම මෙයට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නට පුලුවන.

වසර අනූපහක් පුරා රැඩිකල් සටන්කාමී ජීවිතයක් ගත කළ සිවානන්දන් වසර 2018 ජනවාරි තුන්වනදා සිය දිවිසැරිය නිම කළේය. ඔහුගේ රැඩිකල් දිවියේ අභ්‍යන්තරන්තරයට කිමිදිය හැකි කවුළුව වන ”මතක මිය ඇදෙන සඳ” සිංහල පාඨකයාට විවෘත වී තිබේ. 

EuXJ8NJWgAI7NB4 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න