Language Switcher

V2025

නොබැදි ප්‍රතිපතියෙන් පිට පැනලා - චීන හිතවාදි වෙලා - ඉන්දියාව ඇතුළු බටහිර තරහා වෙලා !

ආණ්ඩුව නොබැදි ප්‍රතිපතියෙන් පිට පැන චීන හිතවාදි වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර රටවල්  උරණව ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමි පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම හිමිනම මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා නියෝජනය  කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ පක්ෂ කාර්යාලයක් පිහිටුවා, ඉදිරියේ දි මැතිවරණවලට ඉදිරිපත්ව ශ්‍රි ලංකාවේ දේශපාලන බලය ලබා ගන්න උත්සහයක් පිළිබදව විදෙස් ප්‍රවෘත්ති හා දේශිය මාධ්‍ය තුලින් වර්තා කර තිබිණි. ගරු ජනාධිපති තුමා පසුගිය දින පැවති නිදහස් දිනයේ දි ද,බලයට පැමණීමට පෙර ද ශ්‍රි ලංකාවේ ස්වෛරීත්වය රැක ගැනිමට කැප වෙන බව ප්‍රතිඥා ලබා දි ඇත. එසේ තිබිය දි පවා අද වන විට ආරබියේ රටවල් ලංකා භුමියේ විශ්ව විද්‍යාල ආරම්භ කරමින් මුස්ලිම් ජනතාව බහුලව සිටින ප්‍රදේශවල ගම්, නගර ආරබි රටවල් ස්වරෑපයක් ගැනිමට හා දේශපාලන බලය අල්ලා ගැනීමට රාජ්‍ය නොවන ආයතන හරහා දිගුකාලිනව ක්‍රියාත්මක වෙයි. මුස්ලීම් ජනතාව නැති පලාත්වල පවා අතිවිශාල පල්ලි නිර්මාණය වන බව පෙනී යයි. ඇමරිකාවේ ක්‍රියාත්මක බෝනගෙන් ආගම හරහා ජනප්‍රිය නායකන් හා දේශපාලන නායකයන් එම ආගමට හරවා ගැනීමේ ක්‍රියාදාමයක් සිදුවන බව නොරහසකි. චීනය දේශපාලන බලයක් ලබා ගැනිමට වඩා ආර්ථික වටිනා කමකින් යුක්ත ඉඩම්, වරායවල් මිළදි ගනිමින් ආර්ථික බලයක් ලබා ගැනීම සදහා දැනටමත් චීන ව්‍යාපෘති 75%කට වඩා ක්‍රියාත්මක වෙයි.

ශ්‍රි ලංකාව ඕනෑම පුද්ගලයකුට, ව්‍යාපාරිකයෙකුට, දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මෙරටට පැමිණ තමන්ට ඕනෑ දෙයක් කළ හැකි රටක් වශයෙන්  පිළි ගන්නා බව මෙයින් හැගී යන අතර ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම තුලින් ලංකාවේ ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීති පද්ධති මගින් රට අරක්ෂා කර ගැනීමට අප පාලකයන්ට අරමුණක් නැති බව එ මගින් තහවුරු වෙයි. දැනටමත් මාලදිවයින වැසියන් බොහෝ පිරිසක් ලංකාවේ පදිංචි වී අවසානය. එට්කා ගිවිසුම ක්‍රියත්මක වීමටත් පෙර සිටම ඉන්දියාවෙන් පැමිණ ගොවිතැන් කරන ලංකාවේ කම්කරු රැකියා කරන බොහෝ පිරිසක්  ලංකාවේ කාන්තාවන් සමග විවාහ වි ලංකාවේ පදිංචි වී සිටියි.

ඉන්දියානු භාරත ජනතා පක්ෂයේ කාර්යාලයක් පිහිටු වීම, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට එ‍රෙහිව කරන ලද දැඩි අනතුරක් ලෙස සලකා කටයුතු කළ යුතුව ඇත. රටේ අභ්‍යන්තර පාලන තන්ත්‍රයන් ද, විදේස් දේශපාලන අරමුණු ගැනද විශාල අවධානයක් යොමු කළ යුතුව ඇත. එම නිසා ශ්‍රි ලංකාව හැම විටම  කටයුතු කරන ලද්දේ කිසිම රාජ්‍යකට විශේෂත්වයක් නොකරන නොබැදි ප්‍රතිපතියේ සිටය.ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ඇමරිකාවට පක්ෂපාති විමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියානු රජයේ බලපෑම මත 1987 දි අපට ඉන්දු ලංකා ගිවිසුම හරහා රටටම සුදු අලියෙක් වන පළාත් සභා ස්ථාපිත කර රටේ අභ්‍යන්තරයේ බෙදිමක් ඇති කර රට අවුල් ජාලයක් කරන ලදි. මහින්ද රාජපක්ෂ රජය චිනයට පක්ෂපාති විම නිසා අද චීනයේ කොළණියක් විම පමණක් නොව ඉන්දියාව හා බටහිර රටවල්ද, ජපානය වැනි ආසියානු රටවල්  ශ්‍රි ලංකාව කෙරෙහි වපරැසින්  බලන ස්වරුපයක් ගෙන ඇත. එම නිසා ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ සියලු දෙනාම කාරණා අවබෝධ කර ගෙන සිරිමාවෝ මැතිණිය හදුන්වා දුන් නොබැදි ප්‍රතිපත්යේම සිට ඉදිරියටත්  ක්‍රියා කළ යුතු නොවේ ද?

බුදුගල ජිනවංස හිමි

සභාපති