Language Switcher

V2025

ලක්ෂ 220 ට එන්නත නොමිලේ දෙන්න - සජිත්

"මිත්‍රවරුනි , covid-19 මර්දනය කිරීමේ එන්නත ලබාදීම තමයි අද රටේ තිබෙන ප්‍රමුඛතම කාර්යය . මේ රටේ ජීවත්වන ලක්ෂ 220 කට මේ එන්නත ලබා දෙන්නට ඕන . අපි අහල තියෙන විදිහට දැනට අපිට ලැබිලා තිබෙන්නේ සීමිත එන්නත් ප්‍රමාණයක් . නමුත් ලක්ෂ 220 කටම  මේ එන්නත ලබා දෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වල ආණ්ඩු ජනතාවට පැහැදිලි කරනවා එන්නත් ලබාදීමේ ක්‍රමවේදය. ඒකට කියන්නේ vaccine protocol කියලා. කොහොමද මේ එන්නත් ජනතාවට ලබා දෙන්නේ ? බොහෝ දුරට බොහෝ රටවල් වල ඒ ක්‍රමවේදයේ ඉදිරියෙන්ම සිටිනවා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්. ඒ වගේම corvid මර්දන බලකායන්ට සම්බන්ධ  සියලුම දෙනා. ඒ වගේම ආරක්ෂක අංශවල සාමාජිකයින්. මේ වගේ ප්‍රමුඛතා  ලේඛනයක් හැදෙනවා. මේ කණ්ඩායම් වලට එන්නත ලබා දුන්නාට පස්සේ බොහෝ දුරට රෝගී තත්ත්වයන් වලින් පෙළෙන ජනතාව. ඒවගේම වයස් ප්‍රමාණ අනුව,යම් වයස් සීමාවකින් වැඩි ජනතාවට වැඩි ප්‍රමුඛතාවය. අන්න ඒ ආකාරයෙන් වයස් අනුව ප්‍රමුඛතාව හදනවා. මම දැනගන්න කැමති මොකක්ද අපේ රටේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ? මොකක්ද vaccine  protocol එක ? මම  දන්නා ආකාරයට මේ මොහොත වෙන තෙක් අපේ රටේ ජනතාවට රජය ඉදිරිපත් කරල නැහැ එන්නත කොහොමද? කොයි ආකාරයට ද? මොන ක්‍රමවේදයට ද? මොන සුදුසුකම් අනුව ද ? ලබා දෙන්නේ  කියලා." යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි. 

 "ප්‍රථමයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ,ආරක්ෂක ක්ෂේත්‍රයේ ,කෝවිඩ්  මර්දන ක්ෂේත්‍රයේ යනාදී වශයෙන් ලබාදීලා ඉන්පසුව රෝගී තත්ත්වයෙනවයෙන් පෙලෙන ජනතාව ,වයස්ගත ජනතාව ,යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය ජනතාව වයස් අනුව ප්‍රමුඛතාවය සකස් කිරීම ,රෝගී තත්වයන් වලින් පෙළෙන අසාධ්‍ය ලෙස රෝගාතුර වී සිටින ජනතාව මේ වගේ ක්‍රමවේදයක් තිබෙනවා ලෝකයේ බොහෝ රටවල් වලට . නමුත් මේක අපේ රටේ පේන තෙක් මානෙක නෑ. දැක ගන්නටත් නෑ .ජනතාවට කියලත් නෑ .ප්‍රසිද්ධ කරලත් නෑ. ඉතින් ඇත්ත වශයෙන්ම රටකට එන්නත් ලබා ගන්න කොට රජයේ වගකීම තමයි මේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ,ලබාදෙන ප්‍රමුඛතා ආකාරය ,ඒ නිර්ණායක හංගං ඉන්න නැතුව රටේ ජනතාවට ඉදිරිපත් කරන්නට ඕන. ඒක අද  ඉෂ්ට වෙලා නෑ. ඉතින් මේ එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය මම කියනවා රටේ ජනතාවගෙන් හංගන්නේ නැතිව සිද්ධියේ එළිපිට ප්‍රකාශ කරලා මොකක්ද ශ්‍රී ලංකාවේ corona vaccine protocol එක ? කොරොනා එන්නත ලබා දෙන ක්‍රමවේදය  ? මොකක්ද කියලා රටට ඉදිරිපත් කරන්නට කියලා. රටේ ජනතාව දැන ගන්නට ඕන.ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. 

සමාජය තුළ එකමුතු භාවය, සත්‍යවාදී ත්වය, නිවැරදි තොරතුරු වලට ,ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා. එනිසා රජයෙන් ඉක්මනින්ම ඉල්ලීමක් කරනවා ,අපිට අවශ්‍ය නෑ කෙටි පණිවිඩ වලින් දැන ගන්න "දැන් මේගොල්ලන්ට දෙනවා, දැන් මේ  අහවල් කොට්ඨාසයට දෙනවා "කියලා. එහෙම නෙමෙයි කරන්නට ඕන. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා මේ රටේ එන්නත් ලබා දෙන ක්‍රමවේදය ,ඒ vaccine protocol එක කරුණාකරලා රටට හෙළි කරන්න කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා." යයිද විපක්ෂ නායකවරයා පවසා ඇති අතර ඔහු මේ අදහස් දක්වා ඇත්තේ, කල්පිටිය නොරොච්චෝලේ පැවැති 37 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී අදහස් දක්වමින්ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

පැය එකහමාරක් ඔබතුමන්ලාට සවන් දුන්නා . ප්‍රශ්න ඉදිරිපත් කල  සියලු දෙනාගේම නමත් දුරකථන අංකයක් ලබා ගත්තා . විපක්ෂ නායක කාර්යාලයේ වෙනමම සත්කාර ඒකකයක් ,විපක්ෂ නායක ජංගම සේවා ඒකකයක් අපි ස්ථාපනය කරලා තිබෙනවා . ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලු දෙනාට (16 දෙනෙක් ඉන්නවා ප්‍රශ්න ඉදිරිපත් කරපු) ඉදිරි දින කිහිපය තුළ දුරකථන ඇමතුමුත් ලැබෙනවා . සවිස්තරාත්මකව ඉදිරිපත් කරපු ප්‍රශ්න ටික අපි සටහන් කරගන්නවා . සවිස්තරව ඒ ප්‍රශ්න ටික ලබාගෙන අමාත්‍යංශ වලට ,රාජ්‍ය ආයතන වලට ,  ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබෙන විවිධ කමිටු වලට මේ ප්‍රශ්න යොමු කරලා අපි බලාපොරොත්තු වෙනවා සෘජුවම මේවට මැදිහත් වෙලා විපක්ෂයක් හැටියට ලබාදිය හැකි විසඳුම් ටික ලබා දෙන්න . මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂනායක ජංගම සේවාවක් සිදුවෙලා නෑ . මේක  පළවෙනි අවස්ථාව . මෙතනදි මේ වැඩසටහනෙන් අපි අදහස් කරන්නේ විපක්ෂයේ වගකීම රජයේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා පෙන්වලා දීම ,වැරදි විවේචනය කිරීම ,රජයෙන් මොනව හරි හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් ඒවට හොඳ කීම /ප්‍රශංසා කිරීම ,ඒ වගේම විපක්ෂයේ අපිටත් හැකියාවක් තියෙනවා තමුන්නාන්සේලා ගේ ජනජීවිතයේ පොඩි යම් හෝ වෙනසක් ඇති කරන්න . පුංචි  යම් හෝ හයියක් ශක්තියක් ලබා දෙන්න . අර එක කාන්තාවක් ඕමානයේ සිට ඇවිල්ලා නිරෝධායනයට යනකොට ඒ වාහන අනතුරක් නිසා අතක්  අහිමි වෙලා අනෙක් අතටත් ශරීරයටත් හානි රැසක් සිද්ධවෙලා , අද දවස වෙනකන් රජයෙන් කිසිම සහනයක් ලැබිලා නෑ . කිසිම මැදිහත් වීමක් වෙලා නෑ . අඩුම ගානේ රාජ්‍ය නිලධාරියෙක් කතා කරලා දුක සැප හොයල වත් නැහැ . ආණ්ඩුවේ දේශපාලනඥයෙක් වත් ඒ දේ ඉෂ්ඨ කරලා නෑ . අද දවසේ අපිට පුළුවන්කම ලැබුණා වෙලාවේ හැටියට තැනේ හැටියට පුංචි පරිත්‍යාග දෙකක් කරන්නට .මොනවත්ම නොලැබුණු කාන්තාවක් . ඉතිං අන්න ඒ  විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා ජනතාවගේ ජීවිතයට අගයක් එකතු කරන්න .ඒ වගේම මැදිහත් වෙලා ප්‍රශ්න විසඳන කර්තව්‍යය ක්‍රියාත්මක කරන්න .මම බොහොම සන්තෝස වෙනවා මේ කර්තව්‍ය ඉශ්ඨ කරන්න පුළුවන්කම ලැබීම ගැන.  අපේ ඉලක්කය මූලිකවම රටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ තුන්සිය තිස් දෙකේම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න . මං කැමති තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ වැදගත් යැයි සිතන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට.

සෝචනීය කල්පිටිය !

ඒ වගේම මිත්‍රවරුනේ ඉතාමත්ම කණගාටුදායකයි මේ පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මේ ජංගම සේවය සිදු වෙනකොට ඉතාමත්ම කණගාටුදායක දුක්ඛිත සෝචනීය  කරුණක් අපිට දැන ගන්නට ලැබුණා . විදුලි බලාගාරය පිහිටා තිබෙන මේ බල ප්‍රදේශයේ ජනතාවට එදා  බලාගාරය පිහිටුවන කොට විශේෂ වරප්‍රසාද ලබා දෙනවයි කියලා පොරොන්දු වුණා .ඒ  එකම දෙයක් වත් සිද්ධ වෙලා නැහැ. ලැබී තිබෙන ලොකුම වරප්‍රසාදය හැමවෙලාවකම විදුලිය විසන්ධි වීම .මේක  විහිලුවක්. බලාගාරයක් පිහිටා තිබෙන බල ප්‍රදේශයේ ජනතාව විවිධ පාරිසරික ගැටලුවලට මුහුණ දෙනවා මේ බලාගාරය නිසා. පාරිසරික ,මානුෂීය ,සෞඛ්‍යමය ප්‍රශ්න රැසක් තිබෙනවා. එදා නොරොච්චෝලය බලාගාරය ස්ථාපනය කරන කොට සුන්දර ලෝකයක් මවා පෑවා. සහන දෙනවයි කිව්ව.   නිකන් දෙනවයි කිව්වා. අඩු මිලට දෙනවයි කිව්ව. නමුත් මේ ජංගම සේවයෙන් හෙළිදරව් වුණු දෙයක් තමයි බැලින්නම් බලාගාරය පිහිටා තිබෙන ප්‍රදේශය තමයි මට පේන විදිහට ලංකාවේ වැඩිම විදුලි විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රශ්න තියෙන්නේ. මේක  ලැජ්ජාවට කාරණාවක්. අපි මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මතුකරලා නොරොච්චෝලය බල ප්‍රදේශයේ  කල්පිටිය කොට්ඨාසයේ මේ බලාගාරය පිහිටි කොට්ඨාසයේ  ජනතාවට එය ලැබිය යුතු සහනය ලැබෙන කම් අපි ප්‍රජාතන්ත්‍රවාදීව තමුන්නාන්සේලා වෙනුවෙන් සටන් කරනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම හිතාදර මිත්‍රවරුනි ,අද දේශපාලන ක්ෂේත්‍රයේ තිබෙන ලොකුම විහිළුව තමයි බඩු මිල භාරව කටයුතු කරන ,බඩු මිල  පාලනය පිළිබඳව වගකීම තිබෙන වෙළඳ  ඇමතිවරයාගේ ක්‍රියාකලාපය. තමුන්නාන්සේලා හොඳින් දන්නවා එතුමා අද ගිනස් වාර්තාවක් තබලා තිබෙනවා ලෝකයේ වැඩිම බඩුමිල වෙනුවෙන් චක්‍රලේඛ රෙගුලාසි ගැසට් පත්‍ර මුද්‍රණය කරන ඇමැතිවරයා හැටියට . හැබැයි එක දෙයක් නම් නිශ්චිතව සිද්ධ වෙනවා බඩුමිල කෙසේ වෙතත් ,මේ ගැසට්පත්‍ර ගහනකොට බඩුමිල  පහල යන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඉහළ යනවා. පරිප්පු, සැමන්, සීනි, සහල් ඒවට ගහපු ගැසට් වලින් මොනවද සිදුවුණේ කියලා මුළු රටම දන්නවා.

සීනි ගැහිල්ල !  

සීනිවලින් ගැසට් එක විතරක් නෙමෙයි ගැහුවෙ රුපියල් මිලියන දහදාහකුත් /බිලියන  දහයකුත් ගැහුවා. එතකොට මිත්‍රවරුනි මොකක්ද මේකට හේතුව ? අද මේ රට පාලනය කරන ඇත්තෝ ඉන්නේ කැටි වලාකුළුවල ඒගොල්ලො ඉන්න ඉහළ මාලේ /උඩ ඉන්නේ .පොදුජනතාව ඉන්නේ මහ පොළොවට පය ගහලා . මහ පොළොවට පය ගහලා ජීවත් වන ජනතාව විඳින දුක අද පාලකයින්ට තේරෙන්නෑ . දැන් හැමදේම කිසිම ප්‍රශ්නයක් නැති විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ .ජනතාවට  කිසි ප්‍රශ්නයක් නෑ. ජීවත්වීමේ ප්‍රශ්නයක් නෑ.ඇති තරම් ජනතාවගේ සාක්කුවල මුදල් තිබෙනවා. සුපිරි ජන ජීවිතයක් රටේ ජනතාව ගත කරනවා. එහෙම හිතාගෙන තමයි මේ පාලකයින් කොට්ඨාස හැසිරෙන්නේ.මේ වෙළෙඳ ඇමැතිවරයාත් හැසිරෙන්නේ. මම අහන්නම් ප්‍රශ්නයක් ඔබතුමන්ලා ගෙන්.වෙළෙඳ ඇමැතිවරයා කියන මිලට ඔය කියන සියලුම භාණ්ඩ සතොසෙ තියෙනවද ?ඇත්ත වශයෙන්ම නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

භාණ්ඩ මිල සහන පත්තරේ විතරයි !

එතකොට පත්තරේ දානවා ලොකු දැන්වීමක් "අද මිල ,ලබාදෙන අලුත් මිල ,දෙන සහනය " ලොකුවට දැන්වීම දාල තියෙනවා. හැබැයි ඒ ඉලක්කම් ටික වලංගු පත්තරයට විතරයි. ඒක මහපොළොවේ යථාර්ථයක් වෙලා නෑ. මේ කියන මිලට  සතොසේ භාණ්ඩ ගන්නට කිසිම හැකියාවක් නැහැ. ඉතින් මිත්‍රවරුනේ මේ පත් කරගත්ත ආණ්ඩුව රජයේ අරමුදල් වලින්, බදු ගෙවන්නන්ගේ මුදල්වලින් පාලකයන් සුර සැප විඳිනවා. සුර සැප විඳිනවා විතරක් නෙමෙයි ජනතාවගෙන් ඈත් වෙලා ඉන්නේ. කෙඳි වළාකුළු වල /කැටි වලාකුළු වල සිහින මාලිගා තනා ගෙන රටේ පාලකයන් සුරසැප විඳින කොට පොළොවට පය ගහලා ජීවත් වන තමුන්නාන්සේලා ඉතාමත්ම අසහනකාරී පීඩනකාරී ජීවිතයක් ගත කරනවා. මම ඔබතුමන්ලා ට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි සැබෑ ජනතාවාදී රජයක්, සැබෑ පොදුජන ආණ්ඩුවක් , මිනිසුන්ගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, වේදනාව තේරෙන ,මිනිසුන්ගේ දුකට පිහිටවන,යම්කිසි ජන කොට්ඨාසයක් හෝ පුද්ගලයෙක් දුකින් පෙළෙන කොට හිත උණු වෙලා ,පපුව උණු වෙලා, ජනතා ප්‍රශ්න විසඳන "මානුෂීය රජයක්" ,ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන ආණ්ඩුවක් අනිවාර්යෙන්ම ජන සවියෙන්, ජන ශක්තියෙන්,ඔබතුමන්ලාගේ  ආශිර්වාදයෙන් අපි බිහි කරනවමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා

View the embedded image gallery online at:
http://newstube.lk/news/11606-220#sigProIdd85fe4a354