ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ඉන්දියාව කියන්නේ වෙන දෙයක් !

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ඉන්දියාව කියන්නේ වෙන දෙයක් !

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශ්‍රී ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත.

මෙම තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කරන ලදී.

එහෙත් ඉන්දීය රජය පැවසන්නේ මෙම තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි.

2015 වසරේ මැයි මසද ශ්‍රී ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහයද ව්‍යාර්ථ විය.

2003 වසරේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය IOC සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරලු ලැබීය.

ඉන්දීය රජය ත්‍රීකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි ඉන්දීය නිව්ස් ඒෂියා වෙබ් අඩවියද තහවුරු කර ඇත.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න