භූමිදානය ගැන මහින්ද යළිත් කියයි : ආණ්ඩුව තීරණයක් ගන්න බැරුව ඇඹරෙයි !

භූමිදානය ගැන මහින්ද යළිත් කියයි : ආණ්ඩුව තීරණයක් ගන්න බැරුව ඇඹරෙයි !

කොරෝනාවෙන් මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුකූලව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසූ බව දේශය පුවත්පත වාර්තා කරයි.

දේශය  පුවත්පත විසින් එහිදී  විමසා ඇත්තේ  විද්වත් කමිටු සභාපතිනි ආචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසන ආකාරයට කොරෝනා මෘතදේහ භූමදානයටත් ආදාහනයටත් දෙකටම අවසර දී තිබෙන්නේද කියාය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එය තහවුරු කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ මෘතදේහ භූමදානය කිරීමට කැමැති කෙනකුට එයට හැකියාව තිබෙන බව තමන් කළ ප්‍රකාශයේ අර්ථය බවය.එහෙත් එය හිතුමතේ කළ නොහැකි බවත් මෙම නිර්දේශය ලබාදුන් සෞඛ්‍ය බලධරයන්ම එය සිදුකළ යුතු ආකාරය ගැන අදාළ රෙගුලාසි සම්පාදනය කළ යුතු යැයිද පැවසූ බව අදාළ පුවතේ සඳහන් කර ඇත.

ඇමරිකානු තානාපති දැනුම්දීම !

කෙසේ වුවත් මෙතෙක් කොරෝනා ආසාදනය වූ මෘතදේහ භූමිදානය සම්බන්ධව නිශ්චිත තීන්දුවක් නොමැති වීම ගැන කනස්සල්ල පළකර ඇමරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත්කර ඇත.

එය පහත දැක්වෙයි.

Screenshot 20210219 130219

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න