ආණ්ඩුව ඉම්රාන් ඛාන්ව හළයි : රාජතාන්ත්‍රිකයක හැසිරීම බිංදුවයි !

ආණ්ඩුව ඉම්රාන් ඛාන්ව හළයි : රාජතාන්ත්‍රිකයක හැසිරීම බිංදුවයි !

පකිස්ථාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව ඇමතීම වැළැක්වීමට ගෙන ඇති තීරණය පක්ෂ නායක තීරණයක් නොව ආණ්ඩුවේ තීරණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කරන අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

08 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා  රැස්වීමේදී (පක්ෂ නායක රැස්වීම) සභානායක දිනේෂ් ගුණවර්ධන අපහට දැන්වුයේ  පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  මැතිතුමා ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වන බවත්, එම පැමිණෙන අවස්ථාවේදී 2021 පෙබරවාරී  මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට තිරණය කර ඇති බවත් රජය විසින් එදින පක්ෂ නායක රැස්වීමේදී දන්වන ලදී .

මෙහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම අදහසට එකඟවිය.නමුත් අද දින එනම්  2021 පෙබරවාරී මස 18 වන දින පැවති පක්ෂ නායක රැස්වීමේ දි  සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් දැන්වුයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා පෙර දැන්වු පරිදි 2021 පෙබරවාරි මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතන්නේ නැති බවය.

එම අවස්ථාවේදී මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රිවරුන්  ගරු පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණිම ඉතා උද්යෝගයෙන් අපේක්ෂා කල අතර නමුත් එතුමා පාර්ලිමේන්තුවට නොපැමි‍ණෙන හේතුව කුමක් ද යන්න මා විසින්  විමසන ලදි.

එහිදී සභානායකවරයා, ගරු කථානායකතුමාගේ අනුමැතිය යටතේ පැවසුවේ වාර්තමාන කොවිඩ් අර්බුදය නිසා පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා  පාර්ලිමේන්තුව ඇමතිමට පෙර ගත් තීරණය වෙනස් වු බවත්, එම තීරණය ශ්‍රි ලංකා රජය හා පාකිස්ථාන රජය එකඟතාවය මත සිදු වු  බවත්ය.

එවිට  මා විපක්ෂයේ ප්‍රධාන  සංවිධායක වශයෙන් පැවසුවේ මෙම තීරණය ආණ්ඩුව විසින් ගත් තීරණයක් බවත්, පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් නොවන බවත් සටහන් කරගන්නා ලෙසය.

අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල,

පා.ම. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න