රන්ජන්ගේ මන්ත්‍රී ධූරය සුරක්ෂිතයි : ඒත් ජීවිතය අවදානම් - සජිත්

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය සුරක්ෂිතයි : ඒත් ජීවිතය අවදානම් - සජිත්

"රන්ජන්ගේ මන්ත්‍රීධූරය සුරක්ෂිතයි.ඒත් ඔහුගේ ජීවිතය අවදානමක යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර සිටියේ  අද(22) පෙරවරුවේ අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බවද කීය. 

සිරගෙදර තුල රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඔහු  පැවසීය.  

තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවද හෙතෙම පැවසීය .

FB IMG 1613984573905

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න