පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි

 පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තුලින් සාධාරණයක් ඉෂ්ඨවී වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුවද දැනට දැනගන්න ලැබෙන තොරතුරුවලට අනුව "යන්නේ කොහොද? මල්ලේ පොල්" තත්වයට පත්වී ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ සභාපති  අක්මීමන දයාරතන හිමි සඳහන් කරයි.
 
"පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව" තේමාව යටතේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.
 
දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධානවලට සහ ජාතික සංවිධාන නායකයින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බැර කර ඇති බව පැවසූ ඒ හිමියෝ  අන්තවාදී ක්‍රියා ඇතිවීම තුල ජාතික සංවිධාන බිහිවූවා විනා ජාතික සංවිධාන හේතුවෙන් අත්වාදය ඇතිවුනා යැයි කිසිවෙකුට හෝ කිව නොහැකි බවත් පැවසීය.
 
පාස්කු කොමිෂන් වාර්තාව සැබෑ ලෙසම සැකසුවේ එහි සාමාජිකයන් ද නැතිනම් අන්තවාදීන් ද යන ප්‍රශ්නය  මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන බවත්  කොමිෂන් සභා වාර්තාව වහා අහෝසි කර නව කොමිසමක් පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් අක්මීමන දයාරතන හිමි  මෙහිදී ඉල්ලා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න