දවසකට ලදු කැලෑ හෙක්ටයාර පහක් කපනවා - ආණ්ඩුවේ වැඩ කැලෑ පාලුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් - මනුෂ

දවසකට ලදු කැලෑ හෙක්ටයාර පහක් කපනවා - ආණ්ඩුවේ වැඩ  කැලෑ පාලුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්  - මනුෂ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ ළදු කැලෑ හෙක්ටයාර පනස් තුන්දහසක් කැපීමට අවසර ලබාදී ඇති බවත්, එක් දිනකට හෙක්ටයාර පහක කැලෑ කපන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ කැලෑ පාලුවන්ගේ අවශ්‍යතාව අනුව බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

මේ ආණඩුව බලයට පත්වීමට පෙර වන සම්පත ආරක්ෂා කරනවා, නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හදනවා කියලා කිව්වා. හැබැයි අද වන විට හැමැතැනම කැලෑ කපනවා. ලදු කැලෑ හෙක්ටයාර පනස් තුන් දහසක් කැපීමට ජනාධිපති කාර්ය සාධක බලකාය වාර්තාවක් ඉදිරිපත් කරනවා. සංවර්ධන කටයුතුවලට කියලා තමයි මේ ළදු කැලෑ කපන්නේ. දළ වශයෙන් දවසකට හෙක්ටයාර පහක් මේ ආණ්ඩුව කපනවා.

මේ කැලෑ කපලා, කැලෑ පාලුවන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ක‍්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරයා ගම සමග පිළිසදරට එනකොට ගොවීන්ගේ වේශයෙන් කැලෑ පාලුවන් ඇවිත් කැලෑ කැපීමට අවසර ගන්නවා.

දැන් ජනාධිපතිවරයාට ගමින් ගමට යනකොට මම ආවේ කැලෑ කපන්න නෙමෙයි කියලා කියන්න සිදුවෙලා තියෙනවා. මේ කැලෑ කැපීම හෙළිදරව් කිරීම ත‍්‍රස්තවාදයක් කියලා ආණ්ඩුවේ මන්ත‍්‍රිවරු ඇවිත් කියනවා. කැලෑ කැපීමට විරුද්ධවීම ත‍්‍රස්තවාදයක් කියන තරමට ආණ්ඩුව පහළට වැටිලා තියෙන්නේ.

මේ කැලෑ කැපීම වලක්වාගැනීමට බැරි නිසා, කැලෑ ගැන කතා කරන්නේ විපක්ෂයේ මතවාදයක් ලෙස බවට ආණ්ඩුව දැන් කියනවා. ඒත් ජනතාව ඇත්ත මොකක්ද කියලා දන්නවා. රටේ හැම තැනම කැලෑ කැපීම ගැන වීඩියෝ සාක්ෂි තියෙනවා. මේවා විපක්ෂය විදියට අපි කියන දේවල් විතරක් නෙමෙයි. මේවා හංගන්න තියෙන දේවල් නෙමෙයි.

අද රටේ හැම තැනකම, හැම ගමකම කැලෑ කපනවා. නැතිනම් පස් කපනවා. වැලි කපනවා. මේ සියල්ලටම ආණ්ඩුවේ දේශපාලඥයින් හා දේශපාලඥයින්ගේ හිතවතුන් සම්බන්ධ වෙනවා.

ඉස්සර අපේ ආණ්ඩුව තියෙන කාලයේදී බරපතල ප‍්‍රශ්ණයක් තිබුණා. පස් ට‍්‍රැක්ටරයක් අරගෙන යන්න විදියක් තිබුණේ නෑ. වැලි ටිකක් ගොඩ දාගැනීමට අවසර දුන්නේ නෑ. කැලේකට ගිහින් දර කෑල්ලක් කඩාගෙන එන්න විදියක් තිබුණේ නෑ. එහෙම වුනාය කියලා මේ රටේ කර්මාන්ත අඩපන වුනේ නෑ. ගෙවල් හැදීම නතර වුනේ නෑ. හැබැයි අද වන විට ඔ්නෑ තරම් කැලෑ කැපීමට ඉඩ ලබාදී තිබෙනවා.

පසුගිය ඡුන්ද කාලයේදී ඔ්නෑ තරම් පස් කපාගැනීමට, වැලි හෑරීමට ඉඩ ලබාදී තිබුණා. මේවා අල්ලන්න එපා කියලා පොලීසියටත් උපදෙස් දී තිබුණා. ඒක දිගටම ඇවිත් ආණ්ඩුවට මේවා නතර කරගැනීමට නොහැකි වෙලා

ආණ්ඩුවට සම්බන්ධ හාමුදුරු කෙනෙක් කැලෑ කපනවා කියලා කියන්නේ ආරක්ෂක ලේකම්වරයාමයි. ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය ඉදිරියට ඇවිත් කැලෑ කපනවා කියනවා නම් තවත් කවර නම් කතාද? මේක තමයි ආණ්ඩුවේ නිරුවත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න