Language Switcher

V2025

පොහොට්ටු ලේකම් සාගර බල්ලන්ට දැම්මේ විමල් පාර්ශ්වයවද ?

"පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා." යැයි පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ කතා බහක් මතුව ඇති අතර පොදුජන පෙරමුණ ලේකම් " බුරන බල්ලන් " ලෙස ව්‍යංග්‍යර්ථ දනවා ඇත්තේ ආණ්ඩුවේ සිටින බැසිල් විරෝධී පාර්ශ්වය වෙතද යන්න එහිදී අවධාරණය වෙමින් ඇත.පොදුජන පෙරමුණේ අදාළ මාධ්‍ය හමුව සම්බන්ධව එම පක්ෂයේ මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය මෙන්න !

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්‍රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩ පිළිවෙල. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්.

MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා.

ඒ තිරණ එකඟ වන්නේ නැත්තනම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කල ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා.

පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා.

බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර.

තිලක් තේනුවර

මාධ්‍ය අංශ ප්‍රධානි