සුදත්ත හිමිගෙන් පාස්කු වාර්තාවට ප්‍රහාරයක් !

සුදත්ත හිමිගෙන් පාස්කු වාර්තාවට ප්‍රහාරයක් !
බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවසීය.
 
ඒ අද (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
 
සමහර අවස්ථාවලදී ස්වරයේ ශබ්දය වැඩි වුවද ඥානසාර හිමි සිදුකලේ අවිහිංසාවාදී සටනක් බව මේ රටේ අහිංසක සිංහල, දෙමල, මුලිම් ජනතාව දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ මහපොළවේ යථාර්තය බවත් සුදත්ත හිමි අවධාරණය කරන ලදි.
 
ඉස්ලාම් අන්තවාදයට වැට බඳිනවා වෙනුවට ජාතික සංවිධාන මර්ධනය කිරීමට මෙම කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරනවානම් එය මේ රටේ ජන මතයට කරන අගෞරවයක් බවත් අවසාන වාර්තාවේ මේ වගේ විකුර්තියක් සිදුවුවේ කෙසේද යන්න ජනාධිපතිවරයා සොයා බලනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න