ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අද සාකච්ඡාවට !

ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අද සාකච්ඡාවට !

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ වාර්තාව අද (24) දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මෙම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර ති‌බේ.

ඊයේ (23) දිනයේදී මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, මෙම වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂ්‍ර්ප කරන බවත්, මෙම වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත බවය.

මෙවර සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍ය ගත රටවල් කණ්ඩායම වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය ,උතුරු මැසඩෝනියාව, සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවක් බවත්, මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර තිබේ.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි.

ඉහත දක්වා ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට, එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටින බවයි.

news 1st 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න