හිටපු අගමැති රනිල් සහ හිටපු එජාප අමාත්‍යවරුන්ට : පාස්කු කොමිසමේ වාර්තාවෙන් සහතිකයක් !

හිටපු අගමැති රනිල් සහ හිටපු එජාප අමාත්‍යවරුන්ට : පාස්කු කොමිසමේ වාර්තාවෙන් සහතිකයක් !
යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ එම  රජයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමක් පැවරෙන බවක් අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව නැතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.
 
පාස්කු ඉරිදා ප්‍රහාරය  සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අයුරකින් කලින්  දැනුවත් නොකළ කරුණද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙතියි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක ඇමති ලෙසවත් පත් කර නොසිටි පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට ප්‍රහාරයේ  වගකීමක් පැවරෙන්නේ නැතැයි ද එක්සත් ජාතික පක්ෂය තව දුරටත් සඳහන් කරයි.
 
එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු ප්‍රකාශ කළේ විශේෂ නිවෙිදනයක් නිකුත් කරමිනි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින් දැනුවත්ව නොසිටි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.
 
එසේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩබලන ආරක්ෂක  ඇමති ලෙසවත් පත් කර නොසිටි බවද කොමිෂන් වාර්තාවෙි සඳහන්ය. 
 
තවද එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරුන්ට මෙි ප්‍රහාරයේ  කිසිදු වගකීමක් පවරා නැත. 
 
මේ තත්ත්වය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හිටපු අගමැතිට හෝ හිටපු අමාත්‍යවරුන්ට හෝ පැවරෙන්නේ නැතැයි ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න