Language Switcher

V2025

ආය කවදාවත් පොහොට්ටුව සමග සන්ධාන නෑ : ශ්‍රිලනිපය තද තීන්දුවක !

නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතනොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) පස්වරුවේ පක්ෂ කාර්යාලයේදිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇත.

එසේම තවත්  බරපතල දේශපාලන තීන්දු රැසක් එහිදී ගෙන ඇති බවත් වාර්තා වෙයි. විශේෂයෙන් අද පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුකර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනු කිරීම සහ එය  කිසියම් දේශපාලන හස්තයක මැදිහත්වීම මත සිදුවූවක් ද යන්න සම්බන්ධවය.

එහිදී  පසුගිය සමය ආවරණය වන සේ විශේෂ දේශපාලන විග්‍රහයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  බරපතළ දේශපාලන  තීන්දු ගෙන ඇති අතර එයින් කිහිපයක් පහත දැක්වෙයි.

ශ්‍රිලනිප ගත්ත තීන්දු මෙන්න !

1 -අනාගත මැතිවරණ සඳහා සන්ධානය ලෙස තරඟ වැදීමේ තත්ත්වයක් උදාවන්නේ නම්,  එම අවස්ථාවේදී වෙනත් පක්ෂයක මූලිකත්වය යටතේ තම පක්ෂය සන්ධානගත වීම වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නා ඒ වටා නිර්මාණය වන සන්ධානයක් බිහි කිරීමට පක්ෂය පෙරමුණ ගත යුතුය.

2 -ජනතාවගේ ඉල්ලීම් ගැටලු ප්‍රශ්න හමුවේ ඒවාට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පක්ෂය හා එහි ක්‍රියාදරයන් නායකත්වය ලබා දී යුතුය.

3-  නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමග සන්ධානයකට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතුය.

4- කවර නීති කෘත්‍ය අධිකරණ ක්‍රියාමාර්ගය පක්ෂයට හෝ එහි නායකත්වයට හෝ තනතුරු දරන්නට පැමිණිය ද ඒවාට මුහුණ දීම හැර කේවල් කිරීමට හෝ අතරමැද එකඟතාවට නොපැමිණිය යුතුය.  කෙසේවුවද තම පක්ෂයේ මැදිහත්වීමෙන් පිහිටපු වත්මන් ආණ්ඩුවේ කොටස් කරුවන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

ගත්ත තීන්දු අනූව හිටියත් එකයි නැතත් එකයි : ආණ්ඩුව  ෆේල් ! 

මේ සම්බන්ධව විචාරක අදහස වී ඇත්තේ මෙම තීන්දු ප්‍රසිද්ධ කිරීම හරහා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවද නැද්ද යන්න වැදගත් නොවන බවයි. 

ඒ හරහා ඕනෑම අවස්ථාවක ශ්‍රිලනිප ය ආණ්ඩුව අත්හැර දැමීමේ පීඩනය පොදුජන පෙරමුණ වෙත යොමුකර ඇති බවත් එයින් ක්‍රමිකව පොදුජන පෙරමුණ උපක්‍රමික ලෙස බල දේශපාලන  උභතෝකෝටිකයක හිරවෙන බවක් පෙන්නුම් කරන බවත් විචාරක අදහස වී ඇත.

දැන් කොමිසමේ නිර්දේශ කරන්නට ගියහොත් ආණ්ඩුව තුළ ඇති ඉරිතැලීම් දරුනු දෙදරීම් විය හැකිය.

නිදසුනක් ලෙස ජාතිවාදී සහ ආගමික සංවිධාන ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග තවත් උත්සන්න කරනු ඇත. අනෙක් අතට පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ආණ්ඩුවට විපක්ෂය ගෙනෙන දේශපාලන විවේචනයට මුහුණදීමට නොහැකි වනු ඇත.

ඒ අනූව දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ වැඩ කරන්න නොව බලවේග කළමනාකරණය කරන්නටය. නැත්නම් සියල්ල පසෙක තබා මණ්ඩලයේ කචල් ශේප් කරන්නය.

එහෙම ආණ්ඩු දුර ගමන් ගියා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නොවන අතර නැත්නම් සිදුව ඇත්තේ අකාලයේ ෆේල් වීමය. කෙසේ වුවත් ශ්‍රිලනිප මේ තීන්දුව කියාපාන්නේ දේශපාලන කුණාටුවක් ඕනෑම මොහොතක ඇතිවිය හැකි බවද ? 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සැලකිල්ලට ගනුලැබූ දේශපාලන විග්‍රහය පහත දැක්වෙයි.

new1

news2