මිගාරට එල්ල කළ මිලේච්ඡ පොලිස් ප්‍රහාරය : අධිකරණයේදී ලැබුණු තීන්දුව !

මිගාරට එල්ල කළ මිලේච්ඡ පොලිස්  ප්‍රහාරය : අධිකරණයේදී ලැබුණු තීන්දුව !

හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න ගේ පුතා වන   මිගාර ගුණරත්න සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත්කරන කරුණු කිසිඳු ලෙසකින් පිළිගත නොහැකිබව කොළඹ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ, නීති විද්‍යාලයේ අවසන් වසර  ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න විසින් පැලියගොඩ පොලිසිය තුලදී පොලිස් නිලධාරීන්ට එරෙහිව සාපරාධි බලහත්කාරකම් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය විසින් අද (26) පෙරවරුවේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කල අවස්ථාවේදීය. 

පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් 10 කු විසින් පහරදීමෙන් බලපතල තුවාල ලද මිගාර නීති සිසුවා මේවනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. 

මිගාර වෙනුවෙන් පෙනීසිටී නීතිඥයින් ඔහුගේ තුවාල ලද ජායාරූප ඉදිරිපත්කල අවස්ථාවේදී පොලිසිය පවසා ඇත්තේ, එසේ තුවාල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට පහරදීමට එද්දී ඔහුව තල්ලු කරද්දී බිම ඇඳ වැටීමෙන් බවයි. 

ජායරුප වැඩිදුරටත් අධ්‍යනය කර ඇති විනිසුරුවරිය පොලිසියේ ප්‍රකාශ පිළිගත නොහැකි බව ප්‍රකාශකර ඇති අතර, රෝහල්ගත කර සිටින නීති සිසුවාගේ සෞඛ්‍ය තත්වය සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරනමෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමටද කටයුතු කර තිබේ.  

මිගාර ගුණරත්න නීති සිසුවා වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන උපුල් කුමාරප්පෙරුම, මෙත්සිරි පරණවිතාන, මංජුල පතිරාජ, මංජු ශ්‍රී දන්තසේන පෙනිසිටියේය.  මාර්තු 01 ද නඩුව යළි කැඳවීමට නියමිතය.

මේ අතර පොලිස් ස්ථානයක් තුළ සිදුකරන මෙවැනි පහරදීම් කොහෙත්ම අනුමත නොකරන බව පවසමින් පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිට නියෝග කර ඇත්තේ අදාළ පිරිසේ වැඩ තහනම් කර විමර්ශනයක් සිදුකරන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න