අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් , එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ ය.
සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම් , එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.

