එන්නත සනත්ට : අමාත්‍යංශ ලේකම් දොට්ට !

එන්නත සනත්ට : අමාත්‍යංශ ලේකම් දොට්ට !

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ  සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දුන්නා යැයි චෝදනා කර කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා තනතුරෙන් ඉවත් කර ඇතැයි අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් වන අතර  සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයිද පැවසූහ.

වාර්තා වන ආකාරයට කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ පලමු පියවරේදී සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් හට එන්නත ලබා දෙන අතර තුර සනත් ජයසූරියටද එන්නත ලබාදි ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න