භාග්‍යා දැරියගේ සිදුවීමේදී පොලිසියේ හැසිරීම පැහැදිළි නෑ ! (වීඩියෝ)

භාග්‍යා දැරියගේ සිදුවීමේදී පොලිසියේ හැසිරීම පැහැදිළි නෑ ! (වීඩියෝ)

පොලිසිය භාග්‍යා දැරියගෙන් ප්‍රකාශයක් ගැනීමට නම් ඒ සම්බන්ධව පැමිණිල්ලක් තිබිය යුතු බවත් නැත්නම් පොලිසිය දැරියගෙන් තොරතුරු ලබාගෙන වන සංහාරයක් වෙනවාද ? අපරාධයක් වෙනවාද යන්න ගැන  විමර්ශනයක් කළ හැකි නමුත් දැරිය පිළිබඳ කාරණයේදී පොලිසිය කටයුතු කළ ආකාරය පැහැදිළි නැති බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

ඔහු මේ අදහස් දැක්වීම සිදුකර සිටියේ අන්තර්ජාල නාලිකාවක  මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

පොලිසියේ ප්‍රමුඛ කාර්යභාරය රටේ නීතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ආධාර උපකාර කිරීම බවත්  අපරාධ නඩු විධාන සංග්‍රහයේ මෙන්ම පොලිස් රෙගුලාසි වල  පොලිසිය කටයුතු කල යුත්තේ කොහොමද යන්න දක්වා තිබෙන බවත් එහිදී ඔහු පැවසීය.

එමෙන්ම පොලිසියට යමෙකුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත්තේ යම් අපරාධ චෝදනාවක් ඇත්නම් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමඟ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න