ආණ්ඩුව ගබඩා කඩා වී ගන්න සූදානමක !

ආණ්ඩුව ගබඩා කඩා වී ගන්න සූදානමක !

ගොවින් නොවන වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ගේ වී තොග රජයට පවරා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය කර ඇති බවත් වී තොග සඟවාගෙන සිටින ගබඩා කඩා දමා එම වී රජයට පවරා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඊට අනුව වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට තම වී තබා ගැනීමට ඉඩ ලබා දෙන නමුත් අතරමැදියන් වී සඟවාගෙන සිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු සඳහන් කර ඇත.

ඒ සදහා වැඩපිලිවෙලක් සැකසීමට කැබිනට් මණ්ඩලය වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත් පවසා ඇති  ඇමති මහින්දානන්ද   මෙවර මහ කන්නයේ දීද විශාල වී අසවැන්නන් ලැබීමට නියමිත බවත් දැනට රටේ සහල් අතිරික්තයක් පවතින බවත් පවසා ඇත.

මේ තත්ත්වය මත ඉදිරි මාස 6ක කාලය තුළ කිසිසේත්ම සහල් මිල ඉහළ යා නොහැකි බවත් රට තුල දැනට ක්‍රියාත්මක වන සහන මාෆියාවක් බවත් ඔහු පවසා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න