නුවරඑළිය පිදුරුතලාගල අධි සංවේදී වනාන්තරය හදිසි ගිනි ගැනීම්වලින් ආරක්ෂා කිරීමට ගිනි වැලකුම් වැටියක් සැකසීමට නුවරඑළිය දිසා අඩවි වන නිලධාරී කාර්යාලය විසින් පසුගියදා ආරම්භ කෙරිණි.
සෑම වසරකම දැඩි වියළි කාලගුණයක් පවතින කාලවලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ රක්ෂිත කැලෑවන් සහ ලදු කැලෑවන් ගිනි ගැනීම්වලට ලක්වීම සිදුවන අතර එයින් විශාල පාරිසරික හානියක් සිදුවේග මෙවැනි ගිනිගැනීම්වලින් වන රක්ෂිත ආරක්ෂා කිරීම සදහා වන රක්ෂිතය මායිමට වන්නට අඩි 33ක් පළලට පටියක් ලෙස සුද්දකර ගිනි වැලකුම් වැටක් ලෙස පවත්වාගෙන යාම සිදු කරයි.
පිදුරුතලාගල රක්ෂිතයේ ගිනි වැළකුම් වැට සැකසීම සදහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයල ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවල පොලිසිය යුද හමුදාවලගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ අවට ගම්මානවලට ජනතාවද එක්ව සිටියහ.



