සිංහරාජ වන විනාශය සම්බන්ධව හඬ නැගීම හේතුවෙන් ආණ්ඩු හිතවාදි පාර්ශ්වයන්ගේ ගර්හාවට සහ තර්ජනයට ලක්ව ඇති භාග්‍යා තරුණියට සහය දක්වන මහජන පෙත්සමක් අත්සන් තැබීම "මාතර සමාජය " විසින් සංවිධානය කර ඇත.
ඒ අනුව අද (21) මේ පෙත්සම අත්සන් තැබීම සිදුවන අතර ඊට සහය දක්වන පිරිස සවස් වරුවේ (ප.ව. 2.30න් පසුව ) මාතර වෙලේගොඩ පිහිටි " මාතර සමාජය " කාර්‍යාලය වෙත පැමිණෙන ලෙස සංවිධායකයන් ආරාධනා කර සිටියි.




