සුරකිමු ගංගා ඇරඹේ : පරිසරය රකින හැටි ජනාධිපති කියයි !

සුරකිමු ගංගා ඇරඹේ : පරිසරය රකින හැටි ජනාධිපති කියයි !

විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

'සුරකිමු ගංගා' ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ 'සුරකිමු ගංගා' ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න