කාදිනල් යුක්තිය වෙනුවෙන් දින දෙයි !

කාදිනල් යුක්තිය වෙනුවෙන් දින දෙයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයක් පවත්වන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් කාදිනල් මේ බව සඳහන් කර ඇත.

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමා ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බවත්  යුක්තිය කෙරෙනවා දකින්න අවශ්‍ය බව ද කාදිනල් පවසා ඇති අතර එහිදී  වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

“ලබන මාසය එනම් අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් අපි 21 වන දා අපි කරන විරෝධය ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා කරන බව දන්වමි. විනිවිඳභාවයෙන් යුතු ක්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව අඩුම ගානේ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව එහි වැරදිකරුවන් ලෙස නම්කර ඇති සමහර අය උසාවිය ඉදිරියට ගෙන ඒමට 21කට කලින් මේ රජය කටයුතු නොකළහොත් අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නෑ.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න