මානව හිමිකම් සම්බන්ධව ලංකාවේ බලය බෙදීම, පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා ඊට 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කාර්යක්ෂමව කටයුතු කිරීමට සැළැස්වීම ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාව විසින් කරන ඉල්ලීමට ඉන්දීය සහය පළකර ඇත.
මානව හිමිකම් සම්බන්ධව ජිනීවා හී ඉන්දීය නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් මේ සම්බන්ධ නිවේදනය නිකුත්කර තිබේ.
ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය ගැන ඉන්දියාව පැති දෙකකින් බලන බවත් ඒ තුළ පළමුව ලංකාවේ ඉන්න දෙමල ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය සහ අභිමානය සහ සාමය ට සහය දක්වමින් ද දෙවනුව ලංකාවේ එක්සත්බව සහ ස්ථාවරත්වය, ස්වෛරී බව සහතික කරන්න තියන කැපවීම ද වන බව එහි දැක්වෙයි.
එසේම මේ ඉලක්ක දෙක එකිනෙකට උදව් වෙන බවත් මේ අරමුණු දෙකට එකවර ආමන්ත්‍රණය කිරීමෙන් ලංකාවට ඉහල ප්‍රගතියක් ලැබිය හැකි බව ඉන්දීය විශ්වාසය බවත් එහි දැක්වෙයි.
ශ්‍රී ලංකා රජයේ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම, දෙමළ ජනතා අභිලාශ ආමන්ත්‍රණය කිරීම, සියලු පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් පුර්ණ ලෙස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඒ සම්බන්ධව සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දීය අපේක්ෂාව බව මෙම නිවේදනය හරහා පැහැදිළි වෙයි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.


