ගජමිතුරු කෝටිපතියෙකුගෙන් දේවී බාලිකා බිමට ලංසුවක් !

ගජමිතුරු කෝටිපතියෙකුගෙන් දේවී බාලිකා බිමට ලංසුවක් !

කෝටිපති ව්‍යාපාරිකයකු  විසින් කොළඹ දේවි බාලිකා විද්‍යාල භුමිය වෙත ආර්ථික අගයක් ලබාදීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

බොරැල්ල කනත්ත - ගොල්ෆ් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ දේවි බාලිකා විද්‍යාල භූමිය අක්කර 2 1/2 ක පමණ විශාලත්වයකින් යුතුය.

එම ඉඩමේ වටිනාකම රුපියල් බිලියන ගණනක් බව අමුතුවෙන් කිවයුතු නැත.  

වාර්තා වන ආකාරයට කෝටිපති ව්‍යාපාරික පාර්ශවයේ යෝජනාව වී ඇත්තේ දේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ - උඩහමුල්ල  ශ්‍රී විජයාරාම මහ විද්‍යාල පරිශ්‍රයට ගෙනයාම සහ ඊට අවශ්‍ය මූලික ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක්ද ලබාදීමය.

එසේම  දේවි බාලිකා විද්‍යාලය පිහිටා ඇති ඉඩමට ආර්ථික අගයක් දෙමින් සිය ව්‍යාපාරික කටයුතු ආශ්‍රිතව සංවර්ධනය කිරීමය.

කෙසේ වුවත් පසුගියදා සිරස නිව්ස් ෆස්ට් "විමර්ශන" විසින් ද මේ දේවි බාලිකා විද්‍යාලය ගෙනයාමට යෝජනා කර ඇති  නුගේගොඩ - උඩහමුල්ල  ශ්‍රී විජයාරාම මහ විද්‍යාලය සම්බන්ධව අනාවරණයක් සිදුකරනු ලැබිණ. 

ඒ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් එම විද්‍යාලයේ  ඉබියතුරු කඩා එම විද්‍යාල භූමියට බලහත්කාරයෙන් ඇතුළුවූ බවය. එහි වැඩිදුරටත් සඳහන් වූයේ අදාළ නාගරික මන්ත්‍රීවරයා සමග පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර ද එසේ ඇතුළුවූ පිරිස අතර වූ බවයි.

මෙකී  නුගේගොඩ - උඩහමුල්ල  ශ්‍රී විජයාරාම මහ විද්‍යාල භූමියද අක්කර 4 1/2 ක පමණ විශාලත්වයකින් යුතු අතර බිලියන ගණනක වටිනාකමක් ඇති භූමියකි. ඒ බවත් සිරස විමර්ශන අනාවරණයේ සඳහන් වූ අතර විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1943 සී/ස පරමවිඥ්ඥාර්ථ සමාගම විසිනි. 1963 දී මෙම විදුහල රජයට පවරාගෙන ඇති අතර දැනට එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් ප්‍රමාණය 71ක් පමණ වෙයි.

සිරස නිව්ස් ෆස්ට් විමර්ශන වාර්තාව අනුව මේ පාසලට පිරිස ඇතුළුව ඇත්තේ බලහත්කාරයෙන් ඉබියතුරු කඩා දමමින්ය. ඊට පෙර නාගරික මන්ත්‍රීවරයා විසින් පාසල් භුමිය විවෘත කරදෙන ලෙස විදුහල්පතිගෙන් ඉල්ලා ඇතත් එදින තමන් විභාග රාජකාරියේ බැවින් පැමිණිය නොහැකි බව විදුහල්පති දන්වා තිබේ.

මෙසේ පාසල් බිමකට ඉබියතුරු කඩා ඇතුළුවීම මුළුමනින්ම නීති විරෝධී කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු නැත. 

මීට අදාළ සිරස නිව්ස් ෆස්ට් විමර්ශන අනාවරණය පහත දැක්වෙයි.

 

ලංකා දවස වෙබ් අඩවිය මේ බලහත්කාරයෙන් ඇතුල්වීමේ සිදුවීම වාර්තා කර තිබු ආකාරය.

 asa

මේ වන විට අදාළ ඇතුල්වීම සිදුකළේ අධ්‍යාපන බලධාරීන්ගේ ලිඛිත අවසරයකින් බවට ප්‍රචාරයක් යන නමුත් ඒ ලිපිය සම්බන්ධවද සැකසහිතටත් තොරතුරු වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න