ආණ්ඩුවේ උත්සාහය පොල්තෙල් සහ සීනි බදු වංචා වහන්න - මනුෂ

ආණ්ඩුවේ උත්සාහය පොල්තෙල් සහ සීනි බදු වංචා වහන්න - මනුෂ

පිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මේ වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

මේ වන විට විස පොල් තෙල් ප්‍රශ්නයක් මතුවී  තිබෙනවා. පිළිකාකාරක පොල් තෙල් රට පුරා බෙදාහරිමින් තිනෙවා. විස පොල් තෙල් මුදාහැර නැති බව කැනටි ප‍්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසුවත් ඔහු ඒ  ප‍්‍රකාශය කර පැය කිහිපයක් යන්නට මත්තෙන් විස පොල් තෙල් බවුසර් දෙකක් අල්ලාගන්නවා.

මේකේ කිසිම දෙයක් එළියට ගියේ නැතැයි කිව්වත් පසුව කිව්වේ වරායේ මේවා තබාගැනීමට නොහැකි නිසා පුද්ගලික ගුදම්වලට යැව්වා කියලා කියනවා. එතැනින් එලියට ගියේ නැද්ද කියා දන්නේ නැති බව කියනවා. ආණ්ඩුව දැන දැනම පිළිකාකාරක පොල් තෙල් ජනතාව ලබාදෙනවා.

ඒ  අතරේ නැව් පිටින් සීනි ගෙනැත් පාඩු කරපු සීනි වංචාව හංගා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්වාද කියලා දැන් අපිට හිතෙනවා.සීනි වංචාවෙන් බිලියන දහසයක මුදලක් රජයට අහිමි වෙනවා. මේක බැදුම්කර වංචාට වඩා ලොකු  වංචාවක්.

ආණ්ඩුවට හිතවත් අය වෙනදා අඩු ප‍්‍රමාණයක් සීනි ගෙනාපු අය තමන්ගේ ගුදම්වල සීනි තැන්පත් කරගෙන ඉදලා එක දවසේ මෙට‍්‍රික් ටොන් අසූදහසක් එක දවසේ එළියට ගන්නවා. මේ සියල්ල හරහා සැබෑ සොරකමක් සිදුව ඇති බව පැහැදිළියි.

සීනි වංචාවට සම්න්බධ සතොස සභාපතිවරයා දැන් ප‍්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා බවට පත් කරලා තියෙනවා.සීනි වංචාව හා පොල් තෙල් වංචාව පිටුපස සිටින්නේ එකම සමාගමක්.පරමීඞ් විල්මා සමාගම තමයි ඉන්නේ.ෂැංග‍්‍රිල්ලා එක ලංකාවට ගෙනාවේ,වියත්මග ශරහා ජනාධිපතිවරයාට උදව් කළේ මේ අය.

මේ ගැන අල්ලස් කොමිසමට,පොලීසියට පැමිනිලි කර තිබෙනවා.අද වන තෙක් සීනි වංචාව ගැනවත් පොල්තෙල් වංචාව ගැනවත් කිසිම පරීක්ෂණයක් වන බව පේන්න නැහැ. බදු අඩු කරලා සීනිවලට පාලන මිලක් දැම්මා.ඒත් ඒ  මිලට සීනි තිබුණේ නෑ. සතොස අසූපහට සීනි දෙන්න මේ ව්‍යාපාරිකයෙන්ගෙන් ඉහළ මිලකට සීනි මිලදී ගත්තා.

පිළිකාකාරක පොල් තෙල් ගැන හැමෝගේම අවධානය යොමුවී තිබෙනවා. පොල් තෙල් බදු අඩු කළාට පස්සේ පොල් තෙල් ආනයනය සියයට දෙසීය හැත්තෑවකින් ඉහළ ගිහින් තියෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ දමනවා කියලා ආනයන සීමා කළත් මේවායේ ආනයනය ඉහළ ගිහින්.තෙල් ආනයනය සදහා වැය කළ මුදල ඩොලර් මිලියන විසි පහක සිට එකසිය හතක් දක්වා ඉහළ ගිහින්.

මේ ගැන සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව නිහඩව බලා සිටිනවා. ඒ  ආණ්ඩුව බදු හොරකම පිටුපස සිටින නිසා බව පැහැදිළියි.

– මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න