අරුන්දිකලාට ඕන රට : කසිප්පු ඇල්ලුවාට ASP මාරු කරයි !

අරුන්දිකලාට ඕන රට : කසිප්පු ඇල්ලුවාට ASP මාරු කරයි !

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා  ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

ඔහු ඒ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමිනි.

අදාළ ඉල්ලීම සිදුකල  ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කරයි.

එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

පොලිසිය පාලනය කරන්නේ සුදු පුතා හා කළු පුතා යැයි සඳහන් දෙදෙනකු බවටත් චෝදනා එල්ල වෙමින් ඇතැයි ද කියා සිටියි.

කෙසේවුවත් මේ සිදුවීම හරහා පෙන්නුම් කරන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා පිහිටුවා තිබු ස්වාධීන කොමිෂන් 20 වන සංශෝධනය හරහා බලරහිතව යාමේ අවාසනාවන්ත තත්ත්වයයි. 

දැන් "පොඩියට කසිප්පු පෙරන" අය වැටලීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් පවා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු ලැබෙන තත්ත්වයක් මතුව ඇත. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න