විහිළු ලියුම් එවන්න එපා : ඩයනාගෙන් සජිත්ට දැඩි අවවාදයක් !

විහිළු ලියුම් එවන්න එපා : ඩයනාගෙන් සජිත්ට දැඩි අවවාදයක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩයනා ගමගේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව දන්වමින් යවා ඇති ලිපියකට එම මන්ත්‍රීවරිය දැඩි අභියෝගාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත.

එම පක්ෂයේ විනය කමිටු සභාපති, නීතිඥ සුදත් වික්‍රමරත්න මගින් අදාළ ලිපිය මන්ත්‍රීවරිය වෙත යවා තිබේ.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දිය යුතු බවට පක්ෂය තීරණය කර තිබියදි, ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව දන්වා තුන්වැනි ලිපියත් මාර්තු 10 වැනි දින ඇය වෙත යවා ඇත.

ඊට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරිය මාර්තු 25වැනි දින “ගරු විපක්ෂ නායකතුමනි, යන ඇමතුමෙන් යුතුව සජිත් ප්‍රේමදාසගේ නමට ඍජුවම ලිපියක් යොමුකර තිබේ.

එයින් කරුණු 06ක් අවධාරණය කර ඇත. ඒ අතර ‘කිසිදු මූල්‍ය ලාභයක් නොමැතිව ඔබතුමා වෙත ප්‍රධානය කොට සමගි ජන බලවේගය ගොඩනැගූවත් මේ වනවිට කිසිදු කාර්යයකට සම්බන්ධ නොවූ පිරිස් එහි බලය හිමිකර ගැනීමට අනේක විධ කූට උපක්‍රම දියත් කිරීම මගින් පක්ෂයක ජීව ගුණය කෙළෙසා දැමීමක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ.” යනුවෙන් සඳහන් කර ඇත.

එයින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි ලිපි තවදුරටත් එවනු ලැබුව හොත් අධිකරණයට ගොස් සියලු තොරතුරු හෙළිකරන බවට තර්ජනාත්මක ස්වරූපයේ ප්‍රතිචාර දක්වමිනි.

‘ඉදිරියේදී ද, මෙවැනි විහිලු සහගත ලිපි හෝ විනය කරුණු යැයි සඳහන් මාතෘකා මා වෙත ලැබුණ හොත් ලංකාවේ මාධ්‍ය වෙතද අදාළ තොරතුරු ලබාදී මෙහි සත්‍යය රටට හෙළිකිරීමට සිදුවන බවත්“, වශයෙන් කරුණු දක්වා ඇත.

(lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න