අශුද්ධ පොල්තෙල් එන්න ගත්තේ 2020 සැප්තැම්බර් සිට: ප්‍රමිතියෙන් සහතිකයක් !

අශුද්ධ පොල්තෙල් එන්න ගත්තේ 2020 සැප්තැම්බර් සිට: ප්‍රමිතියෙන් සහතිකයක් !

aflatoksin පිළිකාකාරක ඇතුළත් බවට සොයා ගැනුණු  Crude oil (පිරිපහදු නොකරනු ලැබූ තෙල් ) මෙරටට ආනයනය කිරීම සිදුවන්නේ  2020 සැප්තැම්බර් මාසයේ බව අනාවරණය වෙයි.

ඒ බව පසුගියදා (මාර්තු 29) ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ දෙරණ නාලිකාවේ විකාශය වූ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගී වූ  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ය.

මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ බදු සංශෝධනයකින් පසුව බවත් ඇය එහිදී පවසයි.

එසේම ඇය පවසන ලෙස  පළමුව ෆාම් ඔයිල් බද්ද පොල්තෙල් බද්දට වඩා අඩුව තිබු බවත් පසුව පොල්තෙල් බද්ද අඩුකර ෆාම් ඔයිල් බද්ද වැඩිකිරීමෙන් පසුව මේ සිදුවීම ඇරඹී ඇත.

එහෙත් එහිදීද පළමු මාස තුනක පමණ ආනයනය කළ තෙල් වල ගැටළුවක් නොතිනු බවත් ගැටලුව පැමිණියේ මේ වසරේ ආරම්භයේ සිට බවත් ඇය පවසයි. අදාළ වැඩසටහන පහත දැක්වෙන අතර එහිදී මිනිත්තු 08:00 සිට ඇගේ මෙම ප්‍රකාශයට නැරඹිය හැකිය.

කෙසේවුවත් බදු මුදල් අඩුකිරීම සම්බන්ධව මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ පොල් මිල වැඩිවීම හේතුවෙන් බදු වෙනස සිදුකළ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න