බැඳුම්කර නඩු දෙකෙන්ම : රවී ඇතුළු පිරිසට ඇප !

බැඳුම්කර නඩු දෙකෙන්ම : රවී ඇතුළු පිරිසට ඇප !

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩු දෙකක් අද (01) විමසූ අතර එම නඩු දෙකෙන්ම හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසට ඇප නියම කරනු ලැබිණ.

ඒ අනුව එක් නඩුවක හිටපු  අමාත්‍ය රවී කරුණානායක ඇතළු පර්පචුවෙල් ටෙසරිස් සමාගමේ  අධ්‍යක්ෂවරුන් 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත,මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ල විනිසුරු මඩුල ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම බෙදුණු තීන්දුව ලබා දුන්හ.

විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.

මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට සිය තීන්දුව මගින් දැනුම් දුන්නේය.

දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කළේය.

එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කළහ.

එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50ක  වටිනා ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

එසේම විත්තිකරුවනට විදේශ ගත වීමද තහනම් කෙරිණි.

එසේම අනෙක් නඩුවේ  චෝදනා ලැබ සිටින හිටපු  අමාත්‍ය රවී කරුණානායක  ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

මෙම බැඳම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳ යන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

ආගමන විගමන පාලකවරයා සහ ගුවන්තොටුපල බලධාරීන් වෙත මෙම තීන්දුව දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න