මෙතෙක් පාලනය කරගැනීමට දුෂ්කරව ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා සම්බන්ධව ඖෂධයක් සොයාගැනීම යන්න අතිශය තීරණාත්මක පසුබිමක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ යොදාගෙන සිදුකළ වගකීම් විරහිත , ආචාර ධර්ම මුළුමනින්ම උල්ලංඝණය කළ ක්‍රියාවක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
ඒ පසුගිය මාර්තු 30 වනදා ආයුර්වේද නිෂ්පාදනයක් වන සුදර්ශන පැණිය ජනගත කිරීම ආශ්‍රිත පුවතට අදාල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදන 2ක් නිකුත් කරමින් නැටූ නාඩගමය.
පසුගිය මාර්තු 30 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණේ සුදර්ශන පැණියජනගත කිරීමේ අවස්ථාවය. මීට අදාලව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිතව පැමිණි පළමු නිවේදනයේ සඳහන් වුණේ අදාල සුදර්ශන පැණිය "කොරෝනා සහ එවැනි වෛරස් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්" ලෙස සඳහන් කරමිනි.
එම වැකිය ආරම්භ වන්නේ " දේශීය ආයුර්වේදය මගින් නිෂ්පාදිත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කරන ලද බටහිර සායනික පරීක්ෂණයකින් අනතුරුව" යනුවෙන් යොදමිනි. මීට අදාල නිවේදනය පහත දක්වා ඇත.
පලමු නිවේදනය මෙන්න !

සංශෝධිත දෙවැනි නිවේදනයේදී "කොරෝනා සහ එවැනි වෛරස් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්" කොටස ඉවත්කර ඇත.
සංශෝධිත දෙවැනි නිවේදනය මෙන්න

ඉහත සංශෝධිත දෙවැනි නිවේදනය තුළින් "කොරෝනා සහ එවැනි වෛරස් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්" යන කොටස ඉවත්කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් : දැන් එය දඩාවතේ යවන්නේ කවුද ?
දැන් ප්‍රශ්නය මෙය අහම්බෙන් සිදුවූවක්ද යන්නය. මෑත ඉතිහාසය සිහිපත් කළහොත් රංග කලංසූරිය, සුදර්ශන ගුණවර්ධන, නාලක කළුවැව දක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් අපට මතකය. රජයේ ප්‍රවෘත්ති නිවේදනය විද්‍යුත් තැපෑලට යොමුවන්නේ ඔවුන්ගේ අධීක්ෂණය සහ අත්සන යටතේය.
අත්සන් නැති නිවේදන ?
පසුගියදා නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්වූ අතර ඊට පසුව නිවේදන එන්නේ අත්සනක් නොමැතිවය.
ඉතා කලාතුරකින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේ නිවේදන සංශෝධනය වුවත් ඒ මේ ආකාරයේ විපරීත ආකාරයට නොවේය.
වඩාත් සැකසහිත කරුණ වන්නේ අදාල අවස්ථාව චන්න ජයසුමන සහ සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ අමාත්‍යංශ සතු ලිපි ශීර්ෂ හරහා යොමුනොකර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ලිපි ශීර්ෂයෙන් යොමුකරේ ඇයිද යන්නය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැණි බිස්නස් එකට බැස්සද ?
අනෙක් අතට " "කොරෝනා සහ එවැනි වෛරස් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්" ලෙස මෙය හැඳින්වීම කාගේ අවශ්‍යතාවක්ද ? එවැන්නක් පළමු නිවේදනයට ඇතුළත්කර දෙවැනි සංශෝධිත නිවේදනයෙන් ඉවත් කරේ "කොරෝනා සහ එවැනි වෛරස් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්" යන්න හිතළුවක් නිසාද ? නැත්නම් කවුරු හෝ මනෝවිකාර කාරයකු මැදින් පැන එවැන්නක් ඇතුළත් කරාද ? එසේත් නැත්නම් පෞද්ගලික මාධ්‍ය ජාලයක් ධම්මික නම් පල් හොර වෙදා ප්‍රමෝට් කළ ආකාරයට සුදර්ශන පැණියේ මාර්කටිං වැඩේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගත්තාද ?සුදර්ශන පැණිය පිටුපස පෞද්ගලික සමාගමක් ඇත්නම් අනිවාර්‍යයෙන් ඒ ගැන සොයා බැලිය යුතුය.
කොහොම නමුත් මෙවැනි පිස්සු මරගාත වැඩ වලින් කිච වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවය. ඊළඟට මාධ්‍ය අමාත්‍යංශයය. අවසානයේ ආණ්ඩුවය ඒ නිසා මේ ගැන සොයා බැලීම මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේද වගකීමය.
නැත්නම් ඔහොම ටිකක් ගිහින් මාධ්‍ය ඇමති පුටුවත් යන්න පුළුවන.


