තවත් සැකසහිත පොල්තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි !

තවත් සැකසහිත පොල්තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි !

ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ පස්වරු හතයි තිහට පමණ මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පොල්තෙල් තොගය සොයාගෙන ඇත.

පොලිසිය සහ නගරාධිපති ජාලිය ඕපාත ඇතුළු පිරිස් එම ගබඩාවට යන අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බටවලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් බාමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව නගරාධිපති ජාලිය ඕපාත  පැවසීය.

මෙම පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් එම කන්ටේනර් රථයේ පොල් තෙල් ලීටර් 28 000 අධික ප්‍රමාණයක් පවතින බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුසු ඒවාද ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සඳහා අවසරයක් ලබා ඇති ඒවාද යන්න කිසිදු ලියකියවිල්ලක් එම්  පුද්ගලයන් සතුව නොමැති බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත පැවසීය.

පසුගිය දා පාරිභෝගික අධිකාරිය මගින් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මේ ආකාරයෙන් මුද්‍රා තබා තිබිණි.

එම පොල් තෙල් ගබඩාව ද හිමිකරු මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

(lankadeepa )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න