පෞද්ගලික සමාගම් 03 කින් මෙරටට ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩාකර තිබූ පොල් තෙල්වල “ඇෆලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු බව තෙවැනි වරටත් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි වාර්තා වෙයි.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත පවසා ඇත්තේ , අදාළ පොල් තෙල් කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස එම සමාගම් වෙත මේවන විටත් දැනුම්දී ඇති බවය.
පෞද්ගලික සමාගම් තුනකින් මෙරටට ආනයනය කළ පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බවට පළමුව තහවුරු වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදීය.
අනතුරුව අදාළ සමාගම්වලට අයත් ගුදම්වල ගබඩා කර තිබූ පොල් තෙල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ද පරීක්ෂා කළේය.
ඒ අනුව එහි ප්‍රථිපල ඊයේ (01) පාරිභෝගික අධිකාරියට ලබාදී තිබේ.පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍ය කල විමසීමකදී පවසා ඇත්තේ එම පොල් තෙල්වල “ඇෆලටොක්සීන්” නම් පිළිකා කාරකය අඩංගු බව කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇති බවය.


 
     
     
    