සුරාබදු දෙපාර්තමේන්තුවට අලුතින් පත්වූ කොමසාරිස් ජනරාල්වරයා තවමත් ආයතනයේ පරිපාලන කටයුතු ඉගෙනගනිමින් සිටියදී ආයතනයේ දුෂිත නිලධාරීන් ඔහුව නොමග යවමින් බරපතල වංචාවන්ට අනුබල දෙමින් සිටින බව වාර්තාවේ. දිසා නායකයෙක් එහි පෙරමුණ ගෙන ඇතැයි ද පැවසේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි පසුගිය වසරේ (2020) දෙසැම්බර් මාසයේදී පත්වූ අතර ඊට පෙර ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළේය.
අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව දිසා නායකයා වැනි දුශිතයින්ගේ මුලික අවශතාවය වී ඇත්තේ දෙපාර්තමේන්තුවේ මුදල් යහමින් පතපත ගාන තනතුරුවලට තමන්ගේ හිතවතුන් පත්කර ගැනීම බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
සීනියර් වෙනුවට බස්නාහිරට දාපු ජූනියර් !
සුරාබදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත බාරව තමන්ගේ හිතවතකු පත්කර ගැනීමට දැරූ උත්සාහය එවැන්නකි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත බාරව සාමාන්‍යයෙන් අනුයුක්ත කරනුයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල ස්ථීර සහකාර කොමසාරිස්වරයෙකි.
ආයතනයේ මානව සම්පත් අංශයෙන්ද එම සම්ප්‍රදාය නිර්දේශ කර ඇත.
ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී බස්නාහිර පළාතේ සහකාර කොමසාරිස් (ස්ථීර) තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ප්‍රභාත් ජයවික්‍රම පත්කිරීම සුදුසු බවට මානව සම්පත් අංශය විසින් නිර්දේශ කර තිබියදී මෙම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල සුරාබදු අධිකාරිවරයෙකු වන රොහාන් විජයරත්න නැමැත්තා වැඩ බලන සහකාර කොමසාරිස්වරයෙකු වශයෙන් පත්කර ඇත.
අලුතෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා එවැනි පියවරක් ගෙන ඇත්තේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ දිසා නායකයා විසින් කරන ලද නිර්දේශයන් නිසා බවද අප වෙත වාර්තා වේ.
වාර්ෂික ආදායම බිලියන 150 යි : රජයට වාර්තා කරන්නේ 120 යි !
සාමාන්‍යයෙන් සුරාබදු ආදායම වසරකට රුපියල් බිලියන 150 ක් පමණ වේ.
එහෙත් අප වෙත වාර්තා වන පරිදි ආයතන බලධාරීන් විසින් රජයට වාර්තා කරනු ලබන්නේ ආදායම රුපියල් බිලියන 120 ක ආසන්න වශයෙනි. ඉතිරි බිලියන 30 ක ප්‍රමාණය සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ අරක්කු නිෂ්පාදකයින් අතරේ බෙදීයන බවට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එවැනි තත්ත්වයක් තුල ප්‍රභාත් ජයවික්‍රම බස්නාහිර පළාත බාරව පත්කළහොත් සියලු රහස් හෙළිවෙතැයි දිසා නායකයා විසින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පෙන්වා දී ඇති බව අප වෙත වාර්තා වේ. ප්‍රභාත් ජයවික්‍රම පත්කර එකවර රජයේ ආදායම ඉහළ අගයකින් ඉහළ නැංවුවහොත් අතීතයේදී එසේ නොවුයේ මන්ද යන ප්‍රශ්නය පැනනගින බවද දිසා නායකයා විසින් කොමසාරිස් ජෙනරාල්වරයාට පෙන්වා දී ඇතැයි පැවසේ.
මේ අතර කොමසාරිස් ජෙනරාල් විසින් වැඩබලන කොමසාරිස් විජයරත්නව උසස් කිරීම සඳහා මහජන සේවා කොමිසම වෙත ඉල්ලීමක් කිරීමට යන බවද අප වෙත වාර්තා වේ.
මීගමුවේ අල්ලපු හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වලත් අවුලක් !
මෙයට අමතරව පසුගිය දෙසැම්බර් මාසයේ පුරාබදු නිලධාරීන් විසින් මීගමුවේදී අත්අඩංගුවට ගත් හොරෝයින් 100Kg සහ අයිස් 100Kg සම්බන්ධයෙන්ද ප්‍රශ්නගත තත්වයක් ඇති වී තිබේ.
එහිදී මෙම දිසා නායකයා මෙම මත්ද්‍රව්‍ය තොගය සත්‍යවශයෙන්ම ගෙන්වන ලද තොඩුවාවේ අයකු ගෙන් විශාල මුදලක් ගෙන විමර්ශනය වෙනතකට යොමුකරන ලද බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන විමර්ෂනයද ඇල්මැරුණු ස්වභාවයකින් කෙරෙන බව වාර්තා වේ.
තවද ගිය රජය විසින් ආදායම් වැඩිකිරීම සඳහා හඳුන්වා දෙන ලද ස්ටිකරය ඇලවීමේ ක්‍රියාදාමයද මොවුන් විසින් හිතාමතා ප්‍රමාද කරන බවද අප වෙත වාර්තා වී ඇත.

