ක‍්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ

ක‍්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා පංච පුද්ගල  කළමනාකරණ කමිටුවක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පත් කර ඇත.

කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වායි.

ඈෂ්ලි ද සිල්වා  ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ ම භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබේ.

නීතිඥ උචිත වික්‍රමසිංහ  කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය  එහි නිරීක්ෂකයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධරයන්ගේ නිල කාලය 2021 අප්‍රේල් මස 05 වැනිදා අවසන් වන බැවින් 2021 අප්‍රේල් මස 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කළ බවත් ගැසට් නිවේදනයේ සඳහන් ය.

2021 මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යෑම සඳහා මෙම කමිටුව පත් කළ බවද එහි දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න