විෂ පොල්තෙල් ආනයනකරුවන්ට දඬුවම් දෙනු !

විෂ පොල්තෙල් ආනයනකරුවන්ට දඬුවම් දෙනු !

පිළිකාකාරක අන්තර්ගත පොල් තෙල් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයින්ට තරාතිරම් නොබලා දඬුවම් පැමිණවීම රජයේ යුතුකමක් බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, කිසි විටෙකත් එවැනි පුද්ගලයින් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවිය යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ, “වස විෂ මුසුවු ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ විවිධ සංවිධාන හා විවිධ පුද්ගලයින් වරින් වර කරුණු ඉදිරිපත් කළා. නමුත් කිසිදු බලධරයෙක් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් අපට පෙන්න නෑ. මෙවැනි පුද්ගලයින් සොයා නිසි දඬුවම් දෙන්න ඕනේ. මේ අය ආරක්ෂා කරන්න නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මොන තරාතිරමේ පුද්ගලයෙක් වුවත් මෙවැනි අකටයුතුකම් කරන පුද්ගලයින්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවයි මේ රටේ මහා සංඝරත්නයේ මතය.“බව පැවසීය.

මේ අතර වෙළෙඳපොළෙන් ලබාගන්නා පොල් තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වාදෙයි.

ඉතා ඉහළ ප්‍රතිශතයකින් “ඇෆ්ලටොක්සින්“ අඩංගු බවට තහවුරු වූ ආනයනික පොල් තෙල් අඩංගු බහාලුම් 13 ප්‍රතිඅපනයනය කිරීම අදාළ සමාගම් විසින් ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න