නිදහස් මාධ්‍යවේදියකු අත්අඩංගුවට අරගෙන : ආණ්ඩුව මොකටද එන්න හදන්නේ ?

නිදහස් මාධ්‍යවේදියකු අත්අඩංගුවට අරගෙන : ආණ්ඩුව මොකටද එන්න හදන්නේ ?
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ඊයේ (07) සංවිධානය තිබූ සාමකාමී විරෝධතා පාගමනක් අතරතුරදී පොලිසිය විසින් ලැබූ නිදහස් මාධ්‍යවේදියකු වූ මලික අබේකෝන්ට අමානුෂික ලෙස පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී පොලිසියේ රඳවාගෙන සිටීම සම්බන්ධව සමගි තරුණ බලවේගය දැඩි විරෝධය දක්වා සිටියි.
 
සමගි තරුණ බලවේගයේ ලේකම් නාමල් විජේමුණි සොයිසා මේ අදහස් දක්වා සිටි අතර  ඒ  සමගි තරුණ බලවේගය අද (08) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි තරුණ බලවේගයේ ලේකම් නාමල් විජේමුණි සොයිසා මෙසේද පැවසීය.
 
"මේ අත්අඩංගුවට ගත්ත මාධ්‍යවෙදියාව ඊයේ රෑ බලන්න ඔහුගේ හිතවතුන් නීතිඥයෙක් සමඟ ගිහිල්ලා, ඒත් මරදාන පොලිසියට ඇතුල් වෙන්න දීලා නෑ. දැන් හොඳටම පැහැදිළියි, නිදහස් මාධ්‍යවේදියෙකුට රටේ තියන සිදුවීමක්, ප්‍රවෘත්තියක් වාර්තා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ආණ්ඩුව කොහෙටද ගමන් කරමින් ඉන්නේ කියලා. එක පැත්තකින් ආණ්ඩුව කම්කරු අයිතීන් මර්දනය කරමින් යනවා, අනිත් පැත්තෙන් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්පුර්ණයෙන් යටපත් කරමින් තිබෙනවා. 
 
මේ එන්නේ 20 වෙනි සංශෝධනයේ ආදීනව. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කරලා තිබුණ ආයතන 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල යටතට ගත්තා. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා, ඒකාධිපති රාජ්‍යයකට තමයි මේ යන්නේ. මේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ ජනතාවගේ, තරුණයන්ගේ අයිතීන් සියල්ල මර්දනය කරමින් යනවා කියන එක. අපි පෙනී සිටිනවා මේ මලිත අබේකෝන් කියන මාධ්‍යවේදියා වෙනුවෙන්. තරුණයෙකුට තමන් දරන  මතය වෙනුවෙන් පෙනී සිටින්න බැරි නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ ගිලිහිලා තියෙන්නේ. 
 
ඒ නිසා අපි කියනවා, මලිත අබේකෝන් කියන මාධ්‍යවේදියා කරුණාකරලා නිදහස් කරන්න. ඔහුට විරුද්ධව චෝදනා තියනවා නම් උසාවියට දාන්න. ඔහුට පහරදීලා තියනවා නම් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා ඇතුළු පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් සහ බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිනවා. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.