CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්තද සොයිසා පොලිස් මූලස්ථානය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.

සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න