ශ්‍රිලනිප මහ ලේකම්ගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් තගක් !

ශ්‍රිලනිප මහ ලේකම්ගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් තගක් !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධිපති මතවාදය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර  සඳහන් කරයි.

ශ්‍රිලනිප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දී පැවති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති කරවීමට මෙම සියලූ පක්ෂ මහන්සි වූ බවත් මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගන්නත් ඔවුන්ගේ ශක්තිය වැදගත් වූ බවත් ඇමැතිවරයා පැවසීය.

නමුත් ඉන්පසු අද ලැබෙන සැලකිලි පිළිබඳව සෑහීමකට පත් නොවන බවද පැවසූ ඔහු මෙය විසදෙන තුරු තමන් මේ බව ‍ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේය.

නැට්ට එන්න එපා බල්ලව වනන්න !

මේ අතර අමාත්‍ය රෝහිත අබේවර්ධන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ද  දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ"ආණ්ඩුවේ සිටින සුළු පක්ෂවලට කිසි අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපෑම් කිරීමට හැකියාවක් නැතැයි" යනුවෙනි.

අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදුකර සිටියේ කළුතර දී වන අතර ඕනෑම පක්ෂයකට තවත් පක්ෂයක් සමග සාකච්ඡා පැවැත්වීමේ අයිතියක් ඇති බව පැවසූ ඔහු නමුත් හොරෙන් වෙස්මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලිපිට යයිද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම දේශපාලන පක්ෂයට බිය වන්නේ නැති බවත් කිසිවකුගේ තෝන් ලණුවකට යන්නේ නැති බවත් අමාත්‍යවරයා  පැවසීය.

කිසිදිනෙක නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවත් නැට්ට වනන්නේ බල්ලා විසින් බවත් ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න