සියලුම බැංකු හෙට විවෘතයි: ආර්.එම්.වී.යත් සඳුදා වැඩ

සියලුම බැංකු හෙට විවෘතයි: ආර්.එම්.වී.යත් සඳුදා වැඩ

හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්,

“10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබුණා රජයේ අයට පහසුවක් සැලසෙන්න. රාජ්‍ය සේවකයින් මේ කාර්යාල ඇරලා තියෙනවාට වඩා නිවාඩුවක් දුන්නම් වැඩිය හොඳයි කියලා. ඒ නිසා තමයි අපි සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස පත්කරේ. සඳුදා බැංකු සහ අනෙක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළද, එය බැංකු හෝ වෙළෙඳ නිවාඩු සඳහා අදාළ වන්නේ නැහැ. “

තවද, ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසයි.

නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාලවල සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 0112677877 දුරකථන අංකයෙන් වේලාවක් වෙන්කර ගත යුතුය.

කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනය සහ හම්බන්තොට යන ප්‍රාදේශීය කාර්යාලවල කලින් වේලාව වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් සේවය සපයනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න