5000 දීමනාව..........

5000 දීමනාව..........

කොරෝනා හේතුවෙන් බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ප්‍රතිලාභී පවුල් කාණ්ඩ 07 ක් තෝරාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති එම චක්‍රලේඛයේ සදහන් වේ. ඒ අනුව,

සමෘද්ධිලාභී පවුල්,

අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,

වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,

ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,

වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්,

සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතව තිබේ.

එම දීමනාව ගෙවීමේදී ඉහත සඳහන් ප්‍රතිලාභීන් සිටින පවුලකට රුපියල් 5000 ක් පමණක් ලැබෙන සේ ගෙවීම කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, යම් පවුලකට සමෘද්ධි හිමිකම් ලැබේ නම් හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයෙක් වේ නම්, එම පවුලට එක් රුපියල් 5000 දීමනාවක් පමණක් හිමිවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න