විස පොල්තෙල් ගැන පාදෙනියගේ විසඳුම : හැම ගමකටම සෙක්කුවක් !

විස පොල්තෙල් ගැන පාදෙනියගේ විසඳුම : හැම ගමකටම සෙක්කුවක් !

විස පොල්තෙල් ආනයනය කිරීමට විසඳුමක් ලෙස සෑම ගමකටම සෙක්කුව බැගින් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ පොල්තෙල් ඇතුළු ආහාරවලට විස එකතුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ඇතුළු පිරිසක් විසින් ඊයේ (10) සංවිධානය කර තිබූ විද්වත් කතිකාවකදීය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මෙසේ පැවසීය.

“පොල් හිඳගන්න එක්ක අපේ 70ක 80ක කෙනෙකුගෙන් ඇහුවොත් මේක ලොකු දෙයක් නෙවෙයි. අවුරුද්දට පොල්තෙල් හිඳගත්තා. ඒ ගැන විතරයි දැන් මේ යන විදිහට විශ්වාසය තියන්න පුළුවන්. මම හිතන්නේ හැම ගමකම නැවත සෙක්කුවක් හදලා පොදුවේ, ඉස්සර මේවා පාවිච්චි කරල තියෙන්නේ පොදුවේ. එක ගෙදරක නෙවෙයි. එතකොට මේ වාගේ එකක් හැම ගමකම නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යාංශයට පටන්ගන්න බැරි. සෙක්කු ඉදිරිපත් කරන්න. මේව සරල දෙයක්නේ. හැම ගමකම මිනිස්සු එතකොට තමන්ගේ ස්ව ශක්තියෙන් නැගිටියි”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න