යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් සදහා නිවසක් යුද්ධ හමුදාපති සුරතින්

යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් සදහා නිවසක් යුද්ධ හමුදාපති සුරතින්

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් පිරිනැමීම සදහා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සදුදා දින යාපනය ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් අවශ්‍යතා සහිත පවුලක් වෙත පිරිනමන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනාකවට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී නිවාසලාභී කරුණානිදි ජගදීශ්වරන් මහත්මිය වෙත නව නිවසේ යතුරු භාර දෙන ලදීග ඉන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව නිවස නිවාසලාභියා වෙත භාර දෙන ලදී.

මෙම අවශ්‍යතා සහිත පවුල පිළිබද යාපනය ආරක්ෂක සේනා ආඥාපති දැනුවත් වීමෙන් පසු ඔහුගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් මෙම නව නිවස ඉදිකිරීම සදහා තාක්ෂණික ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

512 වන බල සේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂනය යටතේ 14 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සදහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් ලේකම් අතිරේක දිස්ත්‍රික් ලේකම් යාපනයේ ඉඩම් නිලධාරීන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල 511 සහ 512 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් භට පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.

{gallery}savendra-jaffna{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න