ජනාධිපතිව හිට්ලර් කරන්න ගිය දිලුම්ගේ ප්‍රකාශයට : ජර්මන් ප්‍රතිචාර මෙන්න !

ජනාධිපතිව හිට්ලර් කරන්න ගිය දිලුම්ගේ ප්‍රකාශයට : ජර්මන් ප්‍රතිචාර මෙන්න !

ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ  ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බව සහ ආණ්ඩුව දෝෂාරෝපණය වන්නේ ජනාධිපති හිට්ලර් මෙන් නොවීම නිසා යනුවෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සේබර්ට් ප්‍රතිචාර දක්වා ඇත.

ඒ සිය ට්ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

එහිදී ලංකාවේ ජර්මානු තානාපති මෙසේ සඳහන් කර ඇත.

ලංකාවේ අය   හිට්ලර් ආකාරයේ  පාලනයකින් වාසි ලබනවා යයි සමහරුන් කියනවා, කරුණාකර .මට මතක් කරලා දෙන්න ඉඩ දෙන්න මානව වර්ගයාට එරෙහිව  හිට්ලර් කටයුතු කරපු ආකාරය හා මිලියන ගණනක් ජනතාවගේ ජීවිත බිළිගත්  ආකාරය.ඒය  ඇදහිය නොහැකි අපරාධයක්.ස්ථිර වශයෙන්ම  එවැනි  දේශපාලඥයකු ට  ශිෂ්ට ලෝකයේ ඉඩක් නෑ.

ජර්මානු තානාපතිගේ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

FB IMG 1618307403156

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න