ශ්‍රී ලාංකියන්ට ඉතාලියේ දොරටු වැසෙයි !

ශ්‍රී ලාංකියන්ට ඉතාලියේ දොරටු වැසෙයි !

ඉන්දියාව තුළ ඇතිවී තිබෙන දරුණු කෝවිඩ් ප්‍රභේදය හා වසංගත තත්වය හේතුවෙන් පසුගිය දා ඉතාලි රජය ඉන්දියාව හා සියළු ගුවන් හා නාවික ගමන් තහනම් කරනු ලැබීය….            

එසේම පාලිත තත්වයෙන් ගිලිහී දරුණු වසංගතක් ලෙස ව්‍යාප්ත වන ඉන්දීය නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් හමුවීම හා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව හා ගුවන් ගමන් තහනමක් මෙතෙක් සිදු නොකිරීම හේතුවෙන් ඉතාලි රජය ඊයේ දැඩි තීරණයකට එලැඹිනි….

ශ්‍රීලාංකිකයන් හට ඉතාලියට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්….!          

මෙරට ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට කිසිඳු මගියකුට ගුවනින් ඉතාලියට පැමිණීමට නොහැකිවන ලෙස ඊයේ රජය නව නීති රෙගුලාසි ඉදිරිපත් කරණු ලැබීය..

යම් හෙයකින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් ගෙන් ඉන්දියාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය ඉතාලියට ඇතුලුවීම වලක්වා ගැනීම පිණිස මෙම කඩිනම් තීරණය ඊයේ දින රජය තීරණය කළ අතර දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉතාලියේ සේවය කරන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වීසා බලපත්වල කාළය සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් ඇති වීම වලකමින් වීසා බලපත් අවලංගු කාලසීමාවෙන් ඔබ්බට මාස 06ක දිගුවක් පෙර මෙන් නිවේදනය කොට ඇත….

සුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න