බොහෝ තැන් වහයි : සෞඛ්‍ය මාර්ගෝපදේශ මාළාවක් නිකුත් වෙයි !

බොහෝ තැන් වහයි : සෞඛ්‍ය මාර්ගෝපදේශ මාළාවක් නිකුත් වෙයි !

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු  උපකාරක පංති, පාසැල්, දහම් පාසැල්, පෙර පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සම්පුර්ණයෙන් වසා තැබීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

එසේම ළමා උද්‍යානය, සංගීත සන්දර්ශන, සැණකෙළි, පිහිනුම් තටාක, රෙස්ටුරන්ට්, සම්බාහන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ හල් සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමටත් නියෝග කර ඇත.

ඒ මේ වන විට කොරෝනා ආසාදනය වූවන් ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තා වෙමින් ඇති නිසාය. මේ වන විට රටේ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය 03 වන අදියරේ පවතින බැවින් මහජනතාවගේ දෛනික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ කටයුතු පිලිබඳව කරුණු දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාළාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් කොට ඇත.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අවම සේවක පිරිසක් කාර්යාල සඳහා කැඳවීමට උපදෙස් ලබාදී තිබෙන අතර හැකිනම් සේවකයින්ට නිවසේ සිට මාර්ග ගත ක්‍රමයට රැකියාවේ යෙදීමට ඉඩ ලබා දෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ආයෝජන මණ්ඩල සහ ඒවායේ පිහිටි කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව බුබුලකට යටත්ව සේවකයින් සේවයේ යෙදවීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත. එහිදී ඔවුන්ට ආරක්‍ෂිත නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන සේවා ලබාදිය යුතුය.

සුපිරි සාප්පු සංකීර්ණ සහ අලෙවිසැල් තුලට පාරිභෝගිකයින් ඇතුලත්කර ගැනීමේදී ඇති ඉඩ ප්‍රමාණය අනුව සීයයට 25 කට අවසර හිමිවන අතර දෙදෙනෙකු අතර මීටර් 1.5 ක ශාරීරික දුරස්ථ භාවයක් පවත්වාගෙන යා යුතුය.

පදික වෙළෙඳුන්ට සිය ව්‍යාපාර කරගෙන යා හැකි අතර එය ද දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකළ යුතුය.ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමෙදීද ඒ තුලට ජනතාව රැස්වීම පවතින ඉඩ ප්‍රමාණයෙන් සීයයට 25 කට සීමා කළ යුතුය.

එමෙන්ම එළෙඹෙන සඳුදා සිට විවාහ මංගල උත්සව තහනම් කර ඇති අතර ඉදිරියේදී මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය මැයි මස 20 වෙනිදා ගැනීමට නියමිත බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

එමෙන්ම අවමංගල්‍ය උත්සව පැවැත්වීමේදී පැය 24ක් තුලදී එය සිදුකළ යුතුය. රෝහලෙන් දේහය භාරදීමේ වෙලාවේ සිට පැය 24ක කාලයක් තුලදී එය සිදුකළ යුතු අතර අවමංගල නිවසේ එක් අවස්ථාවකදී රැඳී සිටිය හැකි උපරිම සීමාව පුද්ගලයින් 25 දෙනෙකු පමණක් බවත් සීමා පනවා ඇත.

මාර්ගෝපදේශ මාලාව…

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න