Language Switcher

V2025

මහනුවරට යළිත් ඇඳිරි නීතිය : විශේෂ රාජකාරියට පොලිස් කණ්ඩායම් 3ක් යවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා තිබේ.


ඊයේ(06) රාත්‍රී අටේ සිට අද උදෑසන හය දක්වා මහනුවරට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ අතර එය ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පැනවීමට උසස් පොලිස් නිලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ.


ඇඳිරිනීය කාලයේ කල්ලි කණ්ඩායම් වශයෙන් එක්රොක් වෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙන්ම ත්‍රිවාධ හමුදාවටම බලය පවරා තිබේ.


විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර

 පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම් තුන මහනුවර දිගන හා පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය විශේෂ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බවද වාර්තා වෙයි.