ඉල්ලීම ප්‍රබල නිසා පිළියන්දල අරින්න වුනා - හමුදාපති

ඉල්ලීම ප්‍රබල නිසා පිළියන්දල අරින්න වුනා - හමුදාපති

යම් ප්‍රදේශයක් හුදාකලා කිරීමේ තීරණය ගන්නේ තත්වයන් විශ්ලේෂණය කර ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ නිර්දේශ මත යැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

නමුත් පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට ගත් තීරණය “ප්‍රබල ඉල්ලීම්” නිසා වෙනස් කිරීමට සිදුවූ බව යුධහමුදාපතිවරයා පවසයි.

ඊයේ රාත්‍රී පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් පල කල යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා “පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණයත් සමඟ විවිධ පාර්ශවවලින් මට දුරකතන ඇමතුම් රාශියක් ආවා.

මේ අය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් මේ ගැන දැනුම් දී ඇති බව මට පසුව දැනගන්න ලැබුනා.

ඉතින් ඒ ඉල්ලිම් “ප්‍රබල” නිසා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා.” යනුවෙන් පවසයි.

මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පවසන්නේ ප්‍රදේශයේ පවතින දැඩි අනාරක්ෂිත බව සලකා පිලියන්දල පොලිස්බල ප්‍රදේශය හුදකලා කරන ලෙස තමන් ලිඛිතව ඉල්ලීමක් කල බවයි.

තම ඉල්ලීම අනුව ප්‍රදේශය හුදකලා කලත් පසුව තමන්ගේ දැනුවත්භාවයකින් තොරව පැය කිහිපයක් ඇතුලත එම හුදකලාභාවය ඉවත් කර ඇති බවයි.

පිලියන්දල පොලිස්බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාතත්වය ඉවත් කිරීමට ඉවහල්වූ “ප්‍රබල ඉල්ලිම්” යුධහමුදාපතිවරයාට යොමු කරවුයේ නමගිය දේශපාලඥයෙකු වන ගාමිණි ලොකුගේ විසින් යැයි වාර්තා වේ.

lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න