සියලු උත්සව තහනම් වූ මැයි 1 වෙනිදා : ප්‍රේමදාස සමරුව පැවැත්වූයේ කොහොමද ?

සියලු උත්සව තහනම් වූ මැයි 1 වෙනිදා : ප්‍රේමදාස සමරුව පැවැත්වූයේ කොහොමද ?

විවාහ මංගල්‍ය පමණක් නොව ජන සහභාගීත්ව ඇති සියලු උත්සව නිරෝධායන නීති යටතේ තහනම් කරතිබූ පසුබිමේ පසුගිය මැයි පළවෙනිදා සියගණනක් ජන සහභාගීත්වයකින් යුතුව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගුණසමරුව පැවැත්වීම සම්බන්ධව දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු අතර කතාබහක් මතුව තිබේ.

එහිදී ප්‍රේමදාස ගුණසමරුව යෙදී ඇති මැයි 01 වනදා ජාත්‍යත්නර කම්කරු දින සැමරුම් පවා ප්‍රසිද්ධ ස්ථානවල නොපැවැත්වුණු අතර බොහොමයක් පැවැත්වුණේ අන්තර්ජාලය හරහා ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙනි.

වෘත්තීය සමිති කිහිපයක් එකතුව ගෝල්ෆේස් පිටිය සමීපයේ  උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති ඉඩකොටසේ මැයි දින සැමරුමක් සිදුකල අතර ඒද වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වූ අතර ඊටත් පොලිස් බාධා කිරීම් සිදුවූ බව මේ සම්බන්ධව නිරීක්ෂණය කළ දේශපාලන විචාරක අදහස වී තිබේ.

එසේම එම අවස්ථාව සඳහා කිසිසේත් දහපහලොවක් සහභාගීව නොසිටි බවත් සමාජ දුරස්ථභාව ඇතුළු නිවැරදි සෞඛ්‍ය චර්යා අනුව සිදුකල එම මැයි දින සමරුවට බාධා කළ ආරක්ෂක අංශ කොළඹ කොටුව කෙසෙල්වත්ත ප්‍රේමදාස ස්මාරකය සමීපයේ සියගණනක සහභාගීවයකින් යුතු උත්සවය පැවැත්වීමට බාධා නොකිරීම විමතිය දනවන කරුණක් බවත් විචාරක මතයවී ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ප්‍රේමදාස පවුලේ ඥාතීන්, සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් ඇතුළුව ජන සහභාගීත්වයක් සහිත උත්සවයක් පැවැත්වීම පෙරළා ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරියේදී මෙවැනි නිරෝධායන නීතිය උල්ලංඝණය වන සිදුවීම් කොතෙක් වුවත් විරෝධය දැක්වීමේ අවස්ථාව අහිමි කරගැනීමක් සිදුකරගෙන ඇති බවය.

දැන් ඉදිරියට නිරෝධායන නීතිය ගැන මෙන්ම එක රටක් එක නීතියක් සිහිපත්කර ප්‍රශ්න කිරීමට ඇති තාර්කික පදනම් ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය අහිමි කරගැනීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ගේ භුමිකාවේ බරපතල බව මේ හරහා හෑල්ලු වන බවත් එය ඔහු තේරුම් නොගැනීම හෝ අවස්ථාවාදී ලෙස හැසිරීම අනුමත කල නොහැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

කෙසේවුවත් මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී වාර්තා වූයේ අදාළ ගුණසමරුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්  ආණ්ඩුවේ ප්‍රබලයකු අමතා අවසර ගෙන ඇති අතර ඒ හේතුව නිසා කිසිඳු සෞඛ්‍ය බලධාරියෙකු හෝ ආරක්ෂක අංශයක් මෙම  උත්සවයට  නිරෝධායන  නීති අනුව කටයුතු කිරීමට ගොස් නොමැති බවය.

saji 3

saji1

sajith2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න